News

පංජාබ් පිලට තවත් ජයක්

ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ 46වන තරගය කිංග්ස් ඉලවන් පංජාබ් පිල හා කොල්කටා නයිට් රයිඩර්ස් පිල අතර සාජා හිදී පැවැත්විණි. ඉන් කඩුලු 8ක විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලබා ගැනීමට කිංග්ස් ඉලවන් පංජාබ් පිල සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනු පංජාබ් නායක රාහුල් පලමුවෙන් පන්දු යැවීමට තීරණය කලේය. පංජාබ් ආරාධනයෙන් පිටියට පිවිසි කොල්කටා පිල පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 149ක් ලබා ගැනීමට සමත් විය. එහිදී ෂුබ්මන් ගිල් ලකුණු 57ක් ලබා ගැනීමට සමත් විය. නායක ඉයන් මෝගන් ලකුණු 40 සහ ලුකී ෆර්ගසන් ලකුණු 24ක් රැුස්කලහ. ඒ හැර වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කිරීමට අවස්ථාව හිමි නොවුනි. පන්දු යැවීමේදී මොහොමඩ් ෂමී කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

ලකුණු 150ක ඉලක්කයක් හබා යාමට පිටියට පිවිසි පංජාබ් කී‍්‍රඩකයින් පන්දු වාර 18යි පන්දු 5කින් කඩුලු 2ක් පමණක් දැවී තිබියදී ලකුණු 150ක් ලබා ගනිමින් තරගය ජය ගැනීමට සමත් විය. එහිදී කි‍්‍රස් ගේල් පන්දු 29කින් ලකුණු 51ක් රැුස්කල අතර මන්දීප් සිංග් නොදැවී ලකුණු 66ක් රැුස්කලේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න