News

පංජාබයට තියුණු ජයක්

ඉන්දීය පි‍්‍රමියර්ලීග් තරගාවලියේ 43වන තරගය සන්රයිසස් හයිද‍්‍රබාද් පිල සහ කිංගස් ඉලවන් පංජාබ් පිල අතර ඩුබායිහදී පැවැත්විණි. ඉන් ලකුණු 12ක තියුණු ජයක් ලබා ගැනීමට කිංගස් ඉලවන් පංජාබ් පිල සමත් විය.

තරගයේ කාසිය වාසිය දිනා පලමුව පන්දු යැවීම සදහා හයිද‍්‍රබාද් පිල තීරණය කලේය. හයිද‍්‍රාබාද් ආරාධනයෙන් පිටියට පිවිසි පංජාබ් කී‍්‍රඩකයින්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකි උවත් එය පවත්වා ගෙන යාමට නොහැකි විය. ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 126ක් ලබා ගැනීමට සමත් විය. එහිදී නිකලස් පූරන් නොදැවී ලකුණු 32ක් වාර්ථා කිරීමට සමත් විය.

ජයග‍්‍රණය සදහා ලකුණු 127ක ඉලක්කයක් හබා යමට පිටියට පිවිසි සන්රයිසස් කී‍්‍රඩකයින්ව පන්දුවාර 19යි පන්දු 5කට සියලු දෙනා දැවී ලකුණු 114කට සීමා කිරීමට පංජාබ් පන්දු යවන්නන් සමත් විය. ඩේවිඩ් වොර්නර් ලකුණු 35ක් සහ විජේ ශංකර් ලකුණු 26ක් ලබා ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී කි‍්‍රස් ජෝර්ඩ්න් සහ අර්ෂ්ඩීප් සිංග් කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් විය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න