FactsNews

නවසීලන්ත සංචාරයෙන් පසු දකුණු අප‍්‍රිකානු සංචිතයට නම් නොවු කී‍්‍රඩකයින්

එලඹෙන දකුණු අප‍්‍රිකානු එක්දින තරගාවලිය සදහා 17 දෙනෙකුන් යුත් සංචිතයක් නම්කර ඇති අතර නවසීලන්ත එක්දින සංචාරය සදහා කි‍්‍රඩා කල කී‍්‍රඩකයින් කිහිපදෙනෙකුටම දකුණු අප‍්‍රිකානු සංචාරයේදී තම ස්ථාන අහිමිවී ඇත.

ශී‍්‍ර ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්හට දකුණු අපි‍්‍රකානු ටෙස්ට් තරගාවලිය මෙන්ම එක්දින තරගාවලියද අහිමි වී ඇත. පසුගිය නවසීලන්ත එක්දින තරගාවලියේදී ඔහුට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 13ක් පමණි.

එසේම නවසීලන්ත එක්දින තරගාවලියේදී ලකුණු අතර සිටි ධනුෂ්ක ගුණතිලකගේ අබාධ තත්වය සුව අතට පත්නොවීම හේතුවෙන් ඔහුට දකුණු අපි‍්‍රකානු තරගාවලිය අහිමි වී ඇත. එසේම දුෂ්මන්ත චමීර, නුවන් ප‍්‍රදීප් හා ලහිරු කුමාරද ආබාධ තත්වයෙන් පෙලීම හේතුවෙන් ඔවුන්ටද දකුණු අප‍්‍රිකානු සංචිතයෙන් ඉවත් වීමට සිදුව ඇත.

ඊට අමතරව නවසීලන්ත එක්දින සංචිතය නියෝජනය කල දසුන් ශානක, අසේල ගුණරත්න, සීක්කුගේ ප‍්‍රසන්න යන කී‍්‍රඩකයින්ද දකුණු අප‍්‍රිකානු සංචිතයෙන් ඉවත් වීමට සිදුව ඇත. අසේල ගුණරත්න නවසීලන්ත එක්දින තරගාවලියේ තරග 2කට කී‍්‍රඩාකර ලකුණු 17ක්ද සීක්කුගේ ප‍්‍රසන්න තරග 2කදී ලකුණු 16කද් රැුස්කොට ඇති අතර තුන් ඉරියව් කී‍්‍රඩකයින් ලෙස මොවුන් දෙදෙනාටම පන්දුවෙන් දස්කම් දැක්වීමට හැකියාවක් ලැබී නැත.

ඒ අනුව නවසීලන්ත එක්දින තරගාවලියට සහභාගී වූ ශ‍්‍රී ලංකා සංචිතයෙන් කී‍්‍රඩකයන් 8 දෙනෙකුට දකුණු අප‍්‍රිකානු එක්දින තරගාවලියේදී තම ස්ථාන අහිමි වී ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න