News

ධවාන්ගේ ශතකය දිල්ලියට ජය ගෙනෙයි

ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ 34වන තරගය දිල්ලි කැපිටල්ස් පිල හා චෙන්නායි සුපර් කිංග්ස් පිල අතර සජාහිදී පැවැත්වුන අතර ඉන් කඩුලු 5ක ජයග‍්‍රහණයක් ලබා ගැනීමට දිල්ලි කැපිටල්ස් පිල සමත් විය.

තරගයේ කාසිය වාසිය දිනා ගත් චෙන්නායි පිලේ නායක මහේන්ද‍්‍රසිං දෝනි විසින් පලමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කල අතර ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 4කට ලකුණු 179ක් ලබා ගැනීමට සමත් විය. සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි උවත් මැද පෙල කී‍්‍රඩකයන් ගොඩනැගු සමබන්ධතා හේතුවෙන් ඔවුන්ට අභියෝගාතාත්මක ඉලක්කයක් ප‍්‍රතිවාදී දිල්ලි පිලට එල්ල කිරීමට හැකි විය. එහිදී ඉනිමේ වැඩිම ලකුණුලාභි පිතිකරු වූයේ ෆෆ් ඩුප්ලෙසිස්ය. ඔහු ලකුණු 58ක් ලබා ගැනීමට සමත් විය. එසේම අමිබති රයිදු පන්දු 25කින් නොදැවී ලකුණු 45ක් සහ රවින්ද‍්‍ර ජඩේජා පන්දු 13කින් නොදැවී ලකුණු 33ක්ද ලබා ගැනීමට සමත් විය.

ජයග‍්‍රහණය සදහා 180ක ඉලක්කයක් හබායාමට පිටියට පිවිසි දිල්ලි පිල කඩුලු 5ක් පමණක් දැවී පන්දුවාර 19යි පන්දු 5ක් තුල ලකුණු 185ක් ලබා ගනිමින් ජයග‍්‍රහණය ලබා ගැනීමට සමත් විය. එහිදී කැපීපෙනෙන ඉනිමක් කී‍්‍රඩා කල ෂිකර් ධවාන් පන්දු 58කින් හතරේ පහරවල් 14ක් සහ එක් හයේ පහරක් සමග නොදැවී ලකුණු 101ක් ලබා ගැනීමට සමත් විය. ඔහුට මනා සහයක් ලබා දෙමින් ෂයර් අයියර් සහ මාර්කස් ස්ටොනික්ස් පිලිවෙලින් ලකුණු 23ක් හා 24ක් රැුස්කලහ. එසේම තරගයේ අවසන් පන්දු කීපයේදී පිටියට පිවිසි අක්ෂා පටෙල් පන්දු 5කින් නොදැවී ලකුණු 21ක් ලබා ගනිමින් දිල්ලි කණ්ඩායමේ ජයග‍්‍රහණය තහවුරු කලේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න