News

දිල්ලි කැපිටල්ස් පිලට තවත් ජයක්

ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ 30වන තරගය දිල්ලි කැපිටල් කණ්ඩායම හා රාජස්ථාන් රෝයල් කණ්ඩායම අතර ඩුබායි හිදී පැවැත්විනි. එහිදී ලකුණු 13කින් ජයගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් විය.

තරගයේ කාසිය වාසිය දිනාගත් දිල්ලි කැපිටල් කණ්ඩායමේ නායක ෂයර් අයියර් විසින් පලමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරන ලදී. ඒ අනුව පිටියට පිවිසි දිල්ලි කණ්ඩායමේ ආරම්භ එතරම් සාර්ථක වූයේ නැත. මුලු ලකුණු සංඛ්‍යාව 10ක් වන විට කඩුලු දෙකක් දවා ගැනීමට ජොෆ්ර ආචර් සමත් විය. නමුත් ඉන් පසුව පිටියේ එක් වූ ෂිකර් ධවාන් සහ නායක ෂයර් අයියර් තෙවන කඩුල්ල වෙනුවෙන් 85ක සබදතාවක් ගොඩනැගීය. ෂිකර් ධවාන් 57කටද ෂයර් අයියර් 53කටද දැවා ගැනීමට රාජස්ථාන් පන්දු යවන්නන් සමත් විය. පන්දුවාර 20 අවසානයේ දිල්ලි කැපිටල් පිල කඩුලු 7ක් දැවී ලකුණු 161ක් ලබා ගැනීමට සමත්විය. පන්දු යැවීමේදී රාජස්ථාන් පිල වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 19කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

ලකුණු 162ක ජයග‍්‍රාහි ඉලක්කයක් හබා යාමට පිටියට පිවිසි රාජස්ථාන් රෝයල් පිල වේගවත් ආරම්භයක් ලබා ගත්තද එය පවත්වාගෙන යාමට ඔවුන් අපොහොසත් වූ අතර පන්දුවාර 20 තුල කඩුලු 8කට ලකුණු 148කට සීමා කිරීමට දිල්ලි කණ්ඩායමේ පන්දු යවන්නන් සමත් විය. එහිදී රාජස්ථාන් කණ්ඩායම වෙනුවෙන් බෙන් ස්ටොක් වැඩිම ලකුණු සංඛ්‍යාව ලබා ගනිමින් ලකුණු 41 රැුස් කිරීමට සමත් විය. පන්දු යැවීමේදී ඇන්රිච් නොර්කියා සහ තම පලමු තරගය කී‍්‍රඩා කල තුෂාර් දේශ්පාණ්ඩේ කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් විය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න