News

දිමුත් කරුණාරත්න වෙනස් වෙයි

කලක් තිස්සේ ටෙස්ට් පිටියේ පිතිකරුයෙකු ලෙස දස්කම් දක්වමින් සිටි දිමුත් කරුණාරත්න හට මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ අවස්ථාව හිමි විය.

නායකත්වය ලබන විට එක්දින ජාත්‍යන්තර තරග 17කට පමණක් ක‍්‍රීඩා කර සිටි දිමත් කරුණාරත්න එහිදී ලකුණු 190ක් රැුස් කරගැනීමට සමත්ව සිටියේය. ඒ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 15.83ක පහල අගයක රදවා ගනිමින්. ඔහු කණ්ඩායමේ නායකයා ලෙස පත්වීමට පෙර ඔහු කී‍්‍රඩා කල අවසන් එක්දින ජාත්‍යන්තර තරගය ක‍්‍රීඩා කර තිබුනේ 2015 වර්ෂයේ මාර්තු 1වනදාය.

නමුත් නායකත්වයට පත්වීමෙන් පසුව ඔහු මුහුණ දුන් පලමු තරගයේදීම ස්කොට්ලන්තයට එරෙහිව ලකුණු 77ක් ලබාගැනීමට සමත් විය. ඉන්පසුව පැවති ලෝක කුසලාන පුහුණු තරග වලදී දකුණු අප‍්‍රිකානු පිලට එරෙහිව ලකුණු 87ක් ලබා ගැනීමට ඔහුට හැකිවිය. ඉන් අනතුරුව ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් පැවති තරගවලිදී ප‍්‍රබල ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමට හා නවසීලන්ත කණ්ඩායමට එරෙහිව අර්ධ ශතක වාර්ථා කිරීමට ඔහුට හැකියාව ලැබිණි. එහිදී ඔස්ටේ‍්‍රලියානු පිලට එරෙහිව ලකුණු 97ක් ලබා සිටියදී දිමුත් කරුණාරත්න දැවීගියේය.

නායකත්වයට පත්වීමෙන් පසුව දිිමුත් කරුණාරත්න තරග කල තරග හතරේදී ලකුණු 256ක් රැුස්කර ඇති අතර එයට අර්ධ ශතක 3ක්ද ඇතුලත්ය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න