News

දවස් 294කට පසු ශී‍්‍ර ලංකාව ජාත්‍යන්තර තරගයකට

ලොව පුරා ව්‍යාප්තව පවතින කොවිඩ් 19 වෛරස් තත්වය හේතුවෙන් දේශිය මෙන්ම ජාත්‍යන්තර තරගද කල් දැමීමට කටයුතු කෙරිනි. ඒ අනුව ශ‍්‍රි ලංකාවේද තරගකාලසටහන වෙනස් විය. කෙසේ වෙතත් ශ‍්‍රි ලංකාව මේ වන විට තරග දෙකකින් යුත් ටෙස්ට තරගාවලිය වෙනුවෙන් දකුණු අප‍්‍රිකාව බලා පිටත්ව ගොස් ඇත. එහි පලමු තරගය දෙසැම්බර් 26වනදා ආරම්භ වීමට නියමිතය. ඒ අනුව ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙම වසරේ මාර්තු 6 වනදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයෙන් දින 294කට පසුව මුහුණ දෙන පලමු ජාත්‍යන්තර තරගය මෙයයි.
ශ‍්‍රී ලංකාව මේවසරේදී ටෙස්ට් තරග දෙකක් පමණක් කී‍්‍රඩාකර ඇති අතර ඒ මෙම වසරේ ජනවාරි මාසයේදීය. ඒ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි. එම තරගාවලිය 1-0 ලෙස ජයගැනීමට ශ‍්‍රී ලංකාව සමත් විය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න