NewsSeries

දකුණු අප‍්‍රිකානු එක්දින තරගාවලියට යන ශී‍්‍ර ලංකා කණ්ඩායම

දකුණු අප‍්‍රිිකාව හා පැවැත්වෙන එක්දින තරගාවලිය සදහා සහභාගි වන 17 දෙනෙකුගෙන් සමන්විත ශී‍්‍ර ලංකා සංචිතය සදහා කී‍්‍රඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබී ඇත. මෙම කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංගට හිමිව ඇති අතර උප නායකත්වය හිමිව ඇත්තෙ නිරෝෂන් දික්වැල්ලටය.

අද්දැකීම් බහුල ශී‍්‍ර ලංකා ආරම්භක පිතිකරු උපුල් තරංග නැවතත් සංචිතයට කැදවා ඇති අතර එක්දින වරම් හිමිනොවුව කී‍්‍රඩකයන් කීපදෙනෙක්ටද මෙවර අවස්ථාව ලබා දී ඇත. ඒ ඔසද ප‍්‍රනාන්දු, කමිදු මෙන්ඩිස් හා පි‍්‍රයමාල් පෙරේරා යන කී‍්‍රඩකයන්ය. එසේම ඉසුරු උදාන, ඇන්ජෙලෝ පෙරේරා, අවිශ්ක ප‍්‍රනාන්දු හා විශ්ව ප‍්‍රනාන්දු යන කී‍්‍රඩයන්ද කලකට පසු ශී‍්‍ර ලංකා සංචිතයට කැදවීමට තේරීම් කමිටුව තීරණය කර ඇත.


තරගාවලිය මාර්තු මස 3 වන ඉරිදා ආරම්භ වීමට නියමිතය.

ශී‍්‍ර ලංකා සංචිතය –

ලසිත් මාලිංග (නායක)
නිරෝෂන් දික්වැල්ල
අවිශ්ක ප‍්‍රනාන්දු
උපුල් තරංග
කුසල් පෙරේරා
කුසල් මෙන්ඩිස්
ධනංජය ද සිල්වා
තිසර පෙරේරා
අකිල ධනංජය
ඇන්ජෙලෝ පෙරේරා
ඔසද ප‍්‍රනාන්දු
කමින්දු මෙන්ඩිස්
ප‍්‍රියමාල් පෙරේරා
ඉසුරු උදාන
විශ්ව ප‍්‍රනාන්දු
කසුන් රජිත
ලක්ෂාන් සදකැන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න