News

තරග 9කට පසු ශ‍්‍රී ලංකාවට ජයග‍්‍රහණයක්

ශී‍්‍ර ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය ඇන්ටිගුවා හිදී පැවැත්විණි. එම තරගයෙන් ලකුණු 43ක ජයග‍්‍රණයක් වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය. මෙම ජයග‍්‍රහණය ශී‍්‍ර ලංකා කණ්ඩායම වාර්ථාකලේ විස්සයි විස්ස තරග 9කට පසුවයි. ඒ 2019 වර්ෂයේ ඔක්තෝබර් මස පාකිස්ථානය එරෙහිව ලාහෝර්හිදී වාර්ථා කල ජයග‍්‍රශණයෙන් පසුවයි. ඉන්පසුව ඔ්ස්ටේ‍්‍රලියාව සමග පැවති තරග තුනක්ද ඉන්දියාව සමග පැති තරග තුනකින් තරග දෙකක්ද කොදෙව්වන් සමග ශ‍්‍රී ලංකාවේදී පැවති විස්සයි විස්ස තරගාවලියේ තරග දෙකක්ද කොදෙව්වන් සමග මේ වන විට පැවැත්වෙන තරගාවලියේ පලමු තරගයද ශී‍්‍ර ලංකා කණ්ඩායම පරාජයට පත්විය. ඉන්දියාව සමග පැවති තරගාවලියේ එක් තරගයක් වර්ෂාව නිසා තීරණයකින් තොරව අවසන් විය. ඒ අනුව තරග 9කට පසුව ශී‍්‍ර ලංකා කණ්ඩායම ජයග‍්‍රහණයක් වාරථා කිරීමට සමත් විය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න