News

ඩිවිලියස්ගේ පිතිකරනය බැංගලෝර් පිලට ජය ගෙනෙයි

ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලියෙ 28 වන තරගය කොල්කටා නයිට් රයිඩර් කණ්ඩායම හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර සජාහිදී පැවති අතර ඉන් ලකුණ1 82කින් ජයගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනා ගත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලේ නායක විරාට් කෝලි විසින් පලමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කල අතර පන්දුවාර 20 අවසානයේ කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 194ක් ලබා ගැනීමට ඔවුන් සමත් විය. මෙහිදී පලමු කඩුල්ල වෙනුවෙන් ආරොන් ෆින්ච් සහ දෙව්දත් පඩික්කල් ලකුණු 67ක් ලබා ගැනීමට සමත් විය. පඩික්කල් ලකුණු 32කටද ෆින්ච් ලකුණු 47කටද දැවී ගියේය. අනතුරුව පිටියේ එක් වූ විරාට් කෝලි සහ ඒබී ඩි විලියස් එක්ව තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 100ක නොබිදුනු සබදතාවක් ගොඩනැගීමට සමත් වු අතර එහිදි ඒබී ඩී විලියස් විසින් නොදැවී 73ක්ද විරාට් කෝලි නොදැවී ලකුණු 33ක්ද ලබා ගත්හ.

ජයග‍්‍රහණය සදහා ලකුණු 195ක ඉලක්කය හබා යාමට පිටියට පිවිසි කොල්කටා නයිට් රයිඩර්ස් පිල කඩුලු 9ක් දැවී ලකුණු 112කට සීමා කිරීමට බැංගලෝර් කී‍්‍රඩකයින් සමත් විය. ආරම්භයේ සිටම පිතිකරුවන්ට පීඩනයක් එල්ල කල බැංගලෝර් පන්දු යවන්නන් කොල්කටා කණ්ඩායමේ පිතිකරුවන්ට පිටියේ ස්ථාවර වන්නට අවස්ථාවක් ලබා නොදුන් අතර සබදා ගොඩනැගීමට පෙර කඩුල්ලක් දවා ගැනීමට ඔවුන්ට හැකි විය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සුබ්මන් ගිල් ලකුණු 34ක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී වොෂින්ටන් සුන්දර් සහ කි‍්‍රස් මොරිස් කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් විය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න