News

ඩිවිලියස්ගෙන් රාජස්ථානයට ප‍්‍රහාරයක්

ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ 33වන තරගය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල හා රාජස්ථාන් රෝයල්ස් පිල අතර ඩුබායි හිදී පැවැත්වුන අතර ඉන් කඩුලු 7ක විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලබා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල සමත් විය.

තරගයේ කාසිය වාසිය දිනා ගත් රාජස්ථාන් කණ්ඩායමේ නායක ස්ටිවන් ස්මිත් පලමුන් පන්දුවට පහරදීමට තීරණය කල අතර ආරම්භක පිතිකරුවන් වූ රොබින් උතාපා සහ බෙන් ස්ටොක් පලමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 50 ක් රැුස්කලේය. නමුත් ඉන්පසුව ලකුණු 19ක් තුල කඩුලු 3ක් දවා ගැනීමට බැංගලෝර් පන්දු යවන්නන් සමත් විය. පසුව පිටියේ එක් වූ ස්ටීව් ස්මිත් සහ ජොස් බට්ලර් සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 58ක් එක් කලේය. රාජස්ථාන් පිල පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 177ක් ලබා ගත්හ. එහිදී ස්ටීව් ස්මිත් ලකුණු 57ක් ලබා ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී ක‍්‍රිස් මොරිස් කඩුලු 4ක් දවාගැනීමට සමත් විය.

ලකුණු 178ක ජයග‍්‍රාහි ඉලක්කයක් හබා යාමට පිටියට පිවිසි බැංගලෝර් කී‍්‍රඩකයින් පන්දුවාර 19යි පන්දු 4කදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 179ක් ලබා ගනිමින් ජයග‍්‍රාහි සීමාව පසු කිරීමට සමත් විය. එහිදී විරාත් කෝලි ලකුණු 43ක් සහ දේව්දත් පඩික්කල් ලකුණු 35ක් රැුස් කලහ. තරගයේ කැපී පෙනෙන ඉනිමක් කී‍්‍රඩා කල ඒබී ඩිවිලියස් පන්දු 22කින් එක් හතරේ පහරක් සහ හයේ පහරවල් 6ක් සමග නොදැවී ලකුණු 55ක් රැුස්කිරීමට සමත් විය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න