News

ටොම් මූඩිට ආයෙත් ලංකාවෙන් තනතුරක්

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ තාක්ෂණික කමිටුව විසින් ගත් තීරණයකට අනුව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් ටොම් මූඩි මහතාව පත්කර ඇති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් නිවේදනය කොට ඇත. ඒ අනුව ඔහුගේ මෙම පත් වීඹ මාර්තු 01 වනදා සිට කි‍්‍රයාත්මක වන පරිදි පත්කර ඇත.

 

මේ නව පත්වීම පිලිබදව ටොම් මූඩි සිය ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත්තේ දක්ෂ හා ආඩම්බරකාර කි‍්‍රකට් කණ්ඩායමක් වන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම සමග වැඩ කිරීමට ඔහු බලාපොරොත්තුවෙන් පසුවන බවයි.

2005දී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස එක් වූ ටොම් මූඩිගේ පුහුණු කාරීත්වය යටතේ ශී‍්‍ර ලංකා කණ්ඩායම 2007 වසරේ ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය දක්වා යාමටත් අනු ශූරතාවය දිනා ගැනීමටත් සමත් උනා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න