News

ජ්‍යෙෂ්ඨයන් නොමැතිව ශී‍්‍ර ලංකා පිල පාකිස්ථානයට

ශී‍්‍ර ලංකා පිලේ පාකිස්ථානු සංචාරයට එක්දින හා විස්සයි විස්ස කණ්ඩායම් නම් කරනු ලැබූ අතර එක්දින පිලේ නායකත්වය ලහිරු තිරිමාන්නට හිමිව ඇති අතර විස්සයි විස්ස පිලේ නායකත්වය දසුන් ශානකට හිමිව ඇත. ඒ අනුව දසුන් ශානක ශී‍්‍ර ලංකා පිලේ 10වන විස්සයි විස්ස නායකයා ලෙස ඉතිහාසයට එක් වෙයි. මෙහිදී ශී‍්‍ර ලංකා පිලේ පලපුරුදු කී‍්‍රඩකයින් පාකිස්ථානයේ සංචාරය කිරීමට අකමැත්ත පල කිරීම හේතුවෙන් නවක කී‍්‍රඩකයින්ගෙන් සමන්විත සංචිතයක් නම් කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පියවර ගෙන ඇත.

මීට පෙර ලහිරු තිරිමාන්න මීට පෙර 2015 වර්ෂයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙහෙයවා ඇති අතර එහිදී තරග 3කින් එක් තරගයක් පමණකි ජයග‍්‍රහණය කරා මෙහෙය වීමට සමත්ව ඇත.

තරගාවලිය සැප්තැම්බර් මස 27 වන දින ආරම්භ වීමට නියමිතය.

එක්දින සංචිතයලහිරු තිරිමාන්න (නායක), ධනුෂ්ක ගුණතිලක, සධීර සමරවික‍්‍රම, අවිශ්ක ප‍්‍රනාන්දු, ඔෂධ ප‍්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, මිනෝද් භානුක, ඇන්ජෙලෝ පෙරේරා, වනිදු හසරංග, ලක්ෂාන් සදකැන්, නුවන් ප‍්‍රදීප්, ඉසුරු උදාන, කසුන් රජිත, ලහිරු කුමාර

විස්සයි විස්ස සංචිතයදසුන් ශානක (නායක), ධනුෂ්ක ගුණතිලක, සධීර සමරවික‍්‍රම, අවිශ්ක ප‍්‍රනාන්දු, ඔෂධ ප‍්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය, ඇන්ජෙලෝ පෙරේරා, භානුක රාජපක්ෂ, මිනෝද් භානුක, ලහිරු මදුෂංක, වනිදු හසරංග, ලක්ෂාන් සදකැන්, නුවන් ප‍්‍රදීප්, ඉසුරු උදාන, කසුන් රජිත, ලහිරු කුමාර

ප්‍රතිචාරයක් ලබාදෙන්න