News

චෙන්නායි පිල හයිද‍්‍රබාද් පිල පරදවයි

ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ 29 වන තරගය සන්රයිසස් හයිද‍්‍රාබාද් කණ්ඩායම හා චෙන්නායි සුපර් කිග්ස් කණ්ඩායම අතර ඩුබායි හිදී පැවති අතර ඉන් ලකුණු 20ක ජයක් ලබා ගැනීමට චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සමත් විය.

කාසිය වාසිය දිනා ගත් චෙන්නායි පිලේ නායක මහේන්ද‍්‍රසිං දෝනි පලමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කලේය. ආරම්භක කඩුල්ලෙ සබදතාව ලකුණු 10කට සීමා කරමින් ෆෆ් ඩුප්ලෙසිස් මුහුනදූන් පලමු පන්දුවටම් ලකුණු නොලබා දැවී ගිය අතර සෑම් කුරන් ලකුණු 31ක් ලබා ගැනීමට සමත් විය. අනතුරුව පිටියේ එක් වූ අම්බති රයිදු සහ ෂේන් වොට්සන් එක්ව තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 81ක් එක් කල අතර රයිදු ලකුණු 41කට සහ වොට්සන් ලකුණු 42කට දවා ගැනීමට හයිද‍්‍රබාද් පන්දු යවන්නන් සමත් විය. පන්දුවාර 20 අවසානයේ චෙන්නායි පිල කඩුලු 6ක් දැවී ලකුණු 167ක් ලබා ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී සන්දීප් ශර්මා ලකුණු 19කට කඩුලු 2ක් දවා ගත්තෙය.

ලකුණු 168ක ජයග‍්‍රාහි ඉලක්කයක් හබා යාමට පිටියට පිවිසි සන්රයිසස් හයිද‍්‍රාබාද් පිලේ කී‍්‍රඩකයන් පන්දුවාර 20 තුල කඩුලු 8ක් දැවී ලකුණු 147කට සීමා කිරීමට චෙන්නායි පන්දු යවන්නන් සමත් විය. සන්රයිසස් හයිද‍්‍රබාද් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කේන් විලියම්සන් ලකුණු 57ක් ලබා ගත්තෙ පන්දු 39කිනි. අනෙක් කිසිදු පිතිකරුවෙකුට පිටියේ ස්ථාවර වන්නට චෙන්නායි පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන් අතර එහිදී පන්දු යැවීමේදී චෙන්නායි පිල වෙනුවෙන් කඩුලු දෙක බැගින් දවා ගැනීමට කර්න් ශර්මා සහ ඩ්වෙන් බ‍්‍රාවෝ සමත් විය.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න