News

චෙන්නායි පිල මුම්බාය පරදයි

මෙම වසරේ ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ තරග කොවිඩ් වසංගත තත්වය නිසා පසුගිය මැයි මස 04 වනදා නවතා දැමීමට සිදුවිය. ඒ අනුව නැවතත් තරගාවලියෙ ඉතිරි තරග සැප්තැම්බර් 19 වනදා ආරම්භ විය. එහිදී පලමු තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තරගයට පිවිසියේය.

තරගයේ කාසිය වාසිය දිනාගත් චෙන්නායි නායක මහේන්ද‍්‍රසිං දෝනි පලමුව පන්දුවට පහරදීමට තීරණය කලේය. සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වූ චෙන්නායි පිල එක් අවස්ථාවක ලකුණු 24කට් කඩුලු 4ක් දැවී දැඩි අසීරු අඩියක පසුවිය. නමුත් ආරම්භක පිතිකරු රුතුරාජ් ගයික්වඩ් සහ රවින්ද‍්‍ර ජඩේජා එක්ව 5වන කඩුල්ලට එක් කල ලකුණු 81ක සබදතාව සහ ඩ්වෙන්න් බ්‍රොවෝගේ විසින් පන්දු 8කදී රැුස්කල ලකුණු 23ක වේගවත් ඉනිම නිසා චෙන්නායි පිලට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6කට ලකුණු 156ක් රැුස් කිරීමට සමත් විය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වු රුතුරාජ් ගයික්වඩ් පන්දු 58කින් නොදැවී ලකුණු 88ක් රැුස් කිරීමට සමත් විය.

ලකුණු 157ක ජයග‍්‍රාහී ඉලක්කයක් හබා යාමට පිටියට පිවිසි මුම්බායි කී‍්‍රඩකයින්ට සාර්ථක වීමට චෙන්නායි පන්දු යවන්නන් ඉඩ ලබා නොදුනි. මුම්බායි පිල වෙනුවෙන් සවුරබ් තවාරි පන්දු 40කින් නොදැවී ලකුණු 50ක් රැුස්කිරීමට සමත් වුවත් වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව පසුකිරීමට නොහැකි විය. පන්දුයැවීමේදී ඩ්වේන් බ්‍රොවෝ කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය. ඒ අනුව පන්දුවාර 20 අවසානයේ මුම්බායි පිල කඩුලු 8දැවී ලකුණු 136කට සීමා කරමින් චෙන්නායි පිල ලකුණු 20ක් ජයග‍්‍රහණයක් වාර්ථා කිරීමට සමත් විය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න