News

ගේල් රාහුල් පංජාබ් පිලට ජය ගෙනෙයි

ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ 31වන තරගය කිංග්ස් ඉලවන් පන්ජාබ් පිල හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල අතර සජා හිදී පැවති අතර තරගය කඩුලු 8කින් ජය ගැනීමට කිංග්ස් ඉලවන් පන්ජාබ් පිල සමත් විය

කාසියේ වාසිය දිනාගත් බැංගලෝර් පිලේ නායක විරාට් කෝලි පලමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කල අතර ලකුණු 38කට සබදතාවක් පලමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගීමට අරෝන් ෆින්ච් හා දෙව්දත් පඩික්කල් සමත් වියග ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක විරාට් කෝලි ලකුණු 48ක් ලබා ගත්තෙ පන්දු 39කිනිග අවසන් පන්දු 13 තුල ලකුණු 35ක් මුලු ලකුණු සංඛ්‍යාවට එක් කිරීමට ක‍්‍රිස් මොර්ස් හා ඉසුරු උදානට හැකි වියග එහිදී පන්දු 8කින් ලකුණු 25ක් නොදැවී ලබා ගැනීමට ක‍්‍රිස් මොරිස් සමත් වියග රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 171ක් ලබා ගැනීමට සමත් වියග පන්දු යැවීමේදී මුරුගන් අෂ්වින් සහ ෂමී කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වියග

ලකුණු 172ක ජයග‍්‍රාහි ඉලක්කයක් හබා යාමට පිටියට පිවිසි පංජාබ් කී‍්‍රඩකයින් සාර්ථක ආරම්භයක් ලබා ගත් අතර පලමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 78ක සබදතාවක් ගොඩනැගීමට රාහුල් සහ මායන්ක් අගර්වාල් සමත් විය. මායන්ක් අගර්වාල් ලකුණු 45ක් ලබා සිටියදී දැවී ගිය අතර ඉන්පසුව පිටියට පැමිණි ක‍්‍රිස් ගේල් සහ නායක රාහුල් දෙවන කඩුල්ල වෙනුවෙන් ලකූණු 93ක සබදතාවක් ගොඩනැගූහ. අවසන් පන්දුවාරයේ පස්වන පන්දුවේදී ක‍්‍රිස් ගේල් ලකුණු 53ක් ලබා සිටියදි දුවද්දී දැවී ගියේ ජයග‍්‍රහණය සදහා එක් ලකුණක් අවශ්‍යව තිබු අවස්ථාවකදීය. කෙසේ හෝ අවසන් පන්දුවේදී හයේ පහරක් එල්ල කරමින් නිකලොස් පුරාන් පංජාබ් පිල ජයග‍්‍රහණය කරා ගෙන ගියේය. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ නායක රාහුල් නොදැවී ලකුණු 61ක් ලබා ගැනීමට සමත් විය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න