News

ගාල්ල අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

ලංකා ප‍්‍රමියර් ලීග් තරගාවලියේ අවසන් මහාතරගයට සුදුසුකම් ලබා ගැනීමට ගෝල ග්ලෑඩියේටස් කණ්ඩායම සමත් විය.තරගයේ කාසියේ වාසිය දිනාගත් ගෝල් ග්ලෑඩියේටස් නායක භානුක රාජපක්ෂ ප‍්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කලේය.
ගාල්ල කණ්ඩායමේ ආරාධනයෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි කොලම්බෝ කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 තුල කඩුලූ 9ක් දැවී ලකුණු 150 ක් ලබා ගැනීඹට සමත් විය. එහිදී ඩැනියල් බෙල් ඩ‍්‍රමන්ඞ් පන්දු 53 කින් ලකුණු 70ක් ලබා ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී ලක්ෂාන් සදකැන් කඩුලූ 3ක් දවා ගැනීමට සමත් විය.
ලකුණු 151ක ජයග‍්‍රාහී ඉලක්කයක් හබායාමට පිටියට පිවිසි ගෝල් ග්ලෑඩියේටස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් තුල කඩුලූ 8ක් පමණක් දැවී ජයග‍්‍රාහී ඉලක්කය ලබා ගැනීමට සමත් විය. එහිදී නායක භානුක රාජපක්ෂ ලකුණ1 33ක් ලබා ගැනීමට සමත් විය. මෙහිදී කැපී පෙනෙන දක්ෂතාවක් ප‍්‍රදර්ශනය කරමින් ධනංජය ලක්ෂාන් නොදැවී ලකුණු 31ක් ලබා ගනිමින් ගාල්ල පිල ජයග‍්‍රහණය කරා මෙහෙය වීමට සමත් විය.
ඒ අනුව කඩුලූ 2ක තියුණු ජයග‍්‍රහණයක් ලබා ගනිමින් ගෝල් ග්ලෑඩියේටස් පිල පලමුවන ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න