News

කොල්කටාව දිල්ලිය පරදවයි

ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ 42වන තරගය දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හා කොල්කටා නයිට් රයිඩර්ස් පිල අතර අබුඩාබි හිදී පැවැත්විනි. ඉන් ලකුණු 59ක විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලබා ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් පිල සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් දිල්ලි පිලේ නායක ෂයර් අයියර් පලමුව පන්දු යැවීමට තීරණය කලේය. දිල්ලි ආරාධනයෙන් පිටියට පිවිසි කොල්කටා කී‍්‍රඩකයින්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වූ අතර ලකුණු 42ක් වන විට මුල්පෙල පිතිකරුවන් 3ක් නැවත කී‍්‍රඩාගාරය වෙත හරවා යැවීමට දිල්ලි පන්දු යවන්නන් සමත් විය. නමුත් ඉන් අනතුරුව පිටියේ එක් වූ නිටිෂ් රානා සහ සුනිල් නරායින් එක්ව සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 115ක සබදතාවක් ගොඩනැගීමට සමත් විය. එහිදී සුනිල් නරායන් පන්දු 32කින් ලකුණු 64ක් ලබා ගැනීමට සමත් විය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නිටිෂ් රානා ලකුණු 81ක් ලබා ගත්තේය. ඒ අනුව පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 194ක් ලබා ගැනීමට සමත් විය.

ජයග‍්‍රහණය සදහා ලකුණු 195ක ඉලක්කයක් හබා යාමට පිටියට පිවිසි දිල්ලි කී‍්‍රඩකයින්ට කඩුලු 9ක් දැවී පන්දු වාර විස්ස ආවසානයේ ලබා ගත හැකි වූයේ ලකුණු 135ක් පමණි. එහිදී නායක ෂයර් අයියර් ලකුනු 47ක් සහ රිෂාප් පාන්ට් ලකූනු 27ක් ලබා ගැනීමට සමත් විය. ඒ හැර අනෙක් කි‍්‍රඩකයින්ට ස්ථාවර වන්නට කොල්කටා පන්දු යවන්නන් ඉඩලබා නොදුනි. පන්දු යැවීමේදී වරුන් චක‍්‍රවර්ථි කඩුලු 5ක් දවා ගැනීමට සමත්විය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න