News

කොරොනා කි‍්‍රකට් වලට කරපු දේ

ලොව පුරා පැතිර යන COVID -19 වෛරසය හේතුවෙන් කි‍්‍රකට් කී‍්‍රඩකයින්ගේ හා පේ‍්‍රක්ෂකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් කි‍්‍රයාමාර්ග ගැනීමට ඒ ඒ රටවල කි‍්‍රකට් ආයතන පියවර ගෙන ඇති බව වාර්ථා වෙයි එු අනුව ඇතැම් තරගාවලිය නවතා දැමීමටත් ඇතැම් තරගාවලි සදහා පේ‍්‍රක්ෂක සහභාගීත්වයෙන් තොරව පැවැත්වීමටත් තීරණය කර ඇති බව වාර්ථාවෙයි.

ඒ අනුව ඔස්ටේ‍්‍රලියා කාන්තා කණ්ඩායම හා දකුණු අප‍්‍රිකානු කාන්තා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලිය නැවත දැනුම් දෙන තුරු කල් දැමීමට ඔස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් ආයතනය තීරණය කර ඇත.

ඒසේම ඔස්ටේ‍්‍රලියා කි‍්‍රකට් ආයතනය ප‍්‍රකාශ කර සිටින්නෙ ඔ්ස්ටේ‍්‍රලියාව හා නවසීලන්තය අතර එක්දින තරගාවලිය සැලසුම් කර පරිදි පැවැත්වෙන බවත් එය නැරඹිමට පේ‍්‍රක්ෂකයින්ට ඇතුල් වීමට ඉඩ නොදෙන බවත්ය. එම ප‍්‍රවේශපත‍්‍ර වල මුදල් නැවත පේ‍්‍රක්ෂකයන් වෙත ලබා දීමටද ඔවුන් තීරණය කර ඇත.

මීට අමතරව ඉන්දියාව හා දකුණු අප‍්‍රිකාව අතර පැවැත්වෙන ඒකදින තරගාවලියේ දෙවන හා තෙවන එක්දින තරග පේ‍්‍රක්ෂක සහභාගීත්වයෙන් තොරව කී‍්‍රඩාකිරීමට සැලසුම් කොට ඇත.

එසේම ඉන්දියාවේ සංවිධානය කර තිබූ Road Safety World Series තරගාවලියේ තරග කාලසටහන වෙනස් කිරීමට සංවිධායකයින් තීරණය කර ඇත. මේ අනුව වෙනස් කල කාලසටහන පසුව දැනුම් දෙන බව දැනුම් දී ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න