News

කුසල් මෙන්ඩිස් නැවතත් අසාර්ථකයි.

ශී‍්‍ර ලංකාවේ මැදපෙල පිතිකරු කුසල් මෙන්ඩිස් සුපුරුදු පරිදි දකුණු අප‍්‍රිකානු සංචාරයේ පලමු තරගයේදී නැවතත් පිතිකරුවෙකු ලෙස දස්කම් දැක්වීමට අපොහොසත් විය. පලමු ඉනිමේදී වර්නන් පිලෙන්ඩර්ගේ පන්දුවක් හමුවේ ෆෆ් ඩුප්ලෙසිස් අතට උඩපන්දුවක් ලබා දෙමින් ලකුණු 12 කටද දෙවන ඉනිමේදි ඔලිවියර්ගේ පන්දුවක් හමුවේ ඩීකොක් අතට උඩපන්දුවක් ලබා දෙමින් ලකුණු නොලබාද දැවියාමට කුසල් මෙන්ඩිස්ට සිදුවිය.
ඔස්ටේ‍්‍රලියානු සංචාරයේදීද අසාර්ථක වූ කුසල් මෙන්ඩිස් එහිදී පලමු තරගයේදී ලකුණු 14ක් හා 1 ලකුණක්ද දෙවන තරගයේදී ලකුණු 6ක් සහ 42ක්ද ලබා ගැනීමට සමත් විය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න