Did you know?News

කුසල්ගේ ඉනිම දැක සංගාට මහේලගේ ටෙස්ට් ඉනිමක් මතක් වෙයි

දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට එරෙහිව කුසල් පෙරේරා නොදැවී ලකුණු 153ක් ලබා ගැනිමින් ශී‍්‍ර ලංකාව ජයග‍්‍රහණය කරා මෙහෙය වීමට සමත් විය. මෙම විශිෂ්ට ඉනිම පිලිබද තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ශී‍්‍ර ලංකාවේ කුමාර් සංගක්කාර පවසා ඇත්තේ “කුසල් ජනිත් පෙරේරා විසින් විදෙස් රටකදී ලකුණු හබායාමකදී ශී‍්‍ර ලාංකිකයෙකු කී‍්‍රඩා කල විශිෂ්ඨතම ඉනිම කී‍්‍රඩා කර ඇති බවත් එම ඉනිම 2006 දී මහේල ජයවර්ධන විසින් පී සරා පිටියේදී දකුණු අපි‍්‍රකාවට එරෙහිව රැුස්කල ශතකය නැවතත් සිහිගැන්වූ බවත්ය”.

එනම් 2006 අගෝස්තු මස දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට එරෙහි දෙවන ටෙස්ට් තරගයේදි ජයග‍්‍රහණය සදහා ලකුණු 352ක් හබා යන අවස්ථාවේදී මහේල ජයවර්ධන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 123 රැුස්කොට 7 වන කඩුල්ල ලෙස දැවී යන විට ශී‍්‍ර ලංකා ඉනිම දැක්වූයේ කඩුලු 7කට ලකුණු 341 ලෙසය. අවසන ශී‍්‍ර ලංකාව මෙම තරගය ද දකුණු අප‍්‍රිකානු පිලට එරෙහිව එක් කඩුල්ලකින් ජය ගැනීමට සමත් විය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න