Did you know?FactsNews

කුමාර් සංගක්කාරට අහිමි වූ වාර්ථාවන්

ශී‍්‍ර ලංකාවෙන් එදා මෙදාතුර බිහි වූ සුපිරි වමත් පිතිකරු කුමාර් සංගක්කාර 2015 වර්ෂයේදී ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියට සමුදුනි. ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා විට ඔහු 38 වන වියෙහි පසුවිය. සමුගන්නා විට එක්දින තරග 404කදී ලකුණු 14234 ක්ද ටෙස්ට් තරග 134කදී ලකුණු 12400ක්ද විස්සයි විස්ස තරග 56කදී ලකුණු 1382ක්ද ලබා ගැනීමට සමත් විය. එසේම කි‍්‍රකට් පිටියෙන් සමුගන්නා විට ඔහු තම ඉදිරියේ වාර්ථාවන් රැුසක් ලියා තැබූ අතර තවත් වාර්ථා කිහිපයක් ආසන්නයටම පැමිණ සිටි නමුත් ඔහු ජාත්‍යන්තර පිටියට සමුදුනි. ඒ අනුව ඔහුට මගහැරීගිය වාර්ථාවන් මෙසේය.

වැඩිම ටෙස්ට් ද්විත්ව ශතක ලාභීයා

කුමාර් සංගක්කාර විසින් ටෙස්ට් ද්විත්වශතක 11ක් වාර්ථාකර ඇති අතර ඔහු දෙවන වන්නේ ද්විත්ව ශතක 12ක් ලබා ගත් ඩොන් බ‍්‍රැඩ්මන්ට පමණි.

වැඩිම එක්දින අර්ධ ශතක ලාභියා

කුමාර් සංගක්කාර විසින් එක්දින ජාත්‍යන්තර තරග වලදී අර්ධ ශතක 93ක් ලබා ගැනීමට සමත්ව ඇති අතර ඔහු දෙවන වන්නෙ සචින් ටෙන්ඩුල්කාර්ට පමණි. සචින් ටෙන්ඩුල්කාර් එක්දින අර්ධ ශතක 96ක් ලබා ගැනීමට සමත්ව ඇත.

වැඩිම එක්දින ලකුණු ලාභියා

කුමාර් සංගක්කාර විසින් එක්දින ජාත්‍යන්තර තරග වලදී ලකුණු 14234ක් ලබා ගැනීමට සමත්ව ඇති අතර ඔහු දෙවන වන්නෙ ලකුණු 18426ක් ලබා ගත් සචින් ටෙන්ඩුල්කාර්ට පමණි.

වැඩිම ලකුණු ලාභියා

කුමාර් සංගක්කාර විසින් එක්දින ටෙස්ට් හා විස්සයි විස්ස තරග වලදී ලකුණු 28016 ක් රැුස් කොට ගෙන ඇති අතර සචින් ටෙන්ඩුල්කාර් වැඩිම ලකුණු ලාභින්ගේ ලේඛනයේ පලමු ස්ථානයේ රැුදෙන්නේ ලකුණු 34357ක් ලබා ගනිමිනි.

එක්දින ලකුණු 15000 සීමාව පසු කල පළමු ශී‍්‍ර ලාංකිකයා

කුමාර් සංගක්කාර එක්දින ජාත්‍යන්තර තරග වලදී ලකුණු 14234ක් ලබා ගැනීමට සමත්ව ඇති අතර ඔහුට එක්දින ලකුණු 15000 සම්පූර්ණ කිරීමට ලකුණු 766ක් අවශ්‍ය විය

ප්‍රතිචාරයක් ලබාදෙන්න