News

කිරන් පොලාඩ්ගෙන් හයේ වැස්සක්

ශී‍්‍ර ලංකා බටහිර ඉන්දීය කොදෙව් තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පලමු තරගය කඩුලු 4කින් ජය ගැනීමට කොදෙව් පිල සමත් විය. ඇන්ටිගුවා හි පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව් නායක කිරන් පොලාඩ් පලමුව පන්දු යැවීමට තීරණය කලේය. මේ තරගයේදී ශ‍්‍රී ලංකාව වෙනුවෙන් පැතුම් නිස්සංක සහ අෂේන බණ්ඩාරද කොදෙව් පිල වෙනුවෙන් කෙවින් සිංක්ලේයාද ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් දිනා ගත්හ.

ඒ අනුව පිටියට පිවිසි ශී‍්‍ර ලංකා පිල පන්දුවාර 20 තුල කඩුලු 9ක් දැවී ලකුණු 131ක් ලබා ගත්හ. එහිදී පැතුම් නිස්සංක ලකුණු 39ක් හා නිරෝෂන් දික්වැල්ල ලකුණු 33ක් ලබා ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී එබෙයි මැකොයි කඩුලු දෙකක් බිදහෙලීය.

ලකුණු 132 ක ජයග‍්‍රාහි ඉලක්කයක් හබා යාමට පිටියට පිවිසි කොදෙව්වන් පන්දුවාර 13යි පන්දු 1කින් කඩුලු 6ක් දැවී ලකුණු 134ක් ලබා ගත්හ. එහිදී කිරන් පොලාඩ් අකිල ධනංජය යැවූ පන්දුවාරයට හයේ පහරවල් 6ක් එල්ල කිරීමට සමත්විය. ඔහු පන්දු 11කින් ලකුණු 38ක් රැුස්කලේය. පන්දු යැවීමේදී අකිල ධනංජය හා වනිදු හසරංග කඩුලු 3 බැගින් බිදහෙලීය. එහිදී අකිල ධනංජය කඩුලු ති‍්‍රත්වයක්ද ලබා ගැනීමට සමත් විය.

කෙසේ වෙතත් අවසානයේ කඩුලු 4ක ජයග‍්‍රහණයක් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හිමිවිය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න