News

කාන්තා 20-20 ලෝක කුසලාන තරගාවලිය කල්යයි

කාන්තා 20-20 ලෝක කුසලාන තරගාවලිය 2023 වර්ෂයේ පෙබරවාරි මස දකුණු අපි‍්‍රකාවේදී පැවැත්වීමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය තීරණය කොට ඇත. මෙම තරගාවලිය 2021 වර්ශයේ නවසීලන්තයේ පැවැත්වීමට නියමිතව පැවතියද කොවිඩ් 19 වෛරස ව්‍යාප්තියත් සමග 20 -20 ලෝක කුසලානය 2022 වසරේ නොවැම්බර් දක්වා කල් දැවීමට ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය පෙරදී තීරණය කලේය. එහෙත් 2022 වර්ශයේදී ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් සංවිධානය කරන ප‍්‍රධාන තරගාවලි ලෙස පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලිය සහ පොදුරාජ්‍ය මණ්ඩල තරගාවලිය පමණක් පැවත් වන බවත් කාන්තා 20-20 ලෝක කුසලාන තරගාවලිය 2023 වර්ශයේදී පැවත්වන බවත් කි‍්‍රකට් කවුන්සිලය විසින් නිවේදනය කර ඇත. ඒ අනුව 2023 වර්ෂයේ පෙබරවාර් 9 වනදා සිට 26 වන දා දක්වා තරගාවලිය දකුණු අප‍්‍රිකාවේදී පැවැත්වීමට නියමිතය.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න