News

ක්‍රයිස්චර්ච් ප්‍රහාරය මතක් කල ශ්‍රී ලංකාවේ අතීතය

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හිදී දේවස්ථානයක සිදු වූ වෙඩිතැබීමේ සිදුවීම හේතුවෙන් නවසීලන්තය හා බංගලාදේශය අතර පැවැත්වීමට නියමිතව තිබූ තෙවන ටෙස්ට් තරගය නවතා දැමීමට එරට බලධාරීන් තීරණය කර ඇත.

මේ ආකාරයෙන්ම ශ්‍රී ලංකාව තුලදීද වරෙක නවසීලන්තය සමග පැවති ටෙස්ට් තරගාවලියක් නවතා දැමීටම සිදුවිය. ඒ 1987 වර්ෂයේදී මෙරට තුල ක්‍රියාත්මක වූ එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානයේ බෝම්බ ප්‍රහාරයක් හේතුවෙනි. එනම් නවසීලන්ත ක්‍රීඩකයන් රැදීසිටි හෝටලයට ආසන්නයේ සිවිල් වැසියන් 113දෙනෙකුට මරු කැදවමින් සිදු වූ බෝම්බ ප්‍රහාරය හේතුවෙනි.

මෙම හේතුව නිසා තරගාවලියේ දෙවන හා තෙවන ටෙස්ට් තරග නවතා දැමීමට තීරණය කෙරිනී.මෙම සිදුවීම නිසා 1992 දක්වා මෙරට තුල ජාත්‍යන්තර තරග පැවැත්වීම සිදුනොවුනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න