News

කලකට පසු චෙන්නායි පිලට ජයක්

ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ 44 වන තරගය ඩුබායිහීදි චෙන්නායි සුපර් කිංග්ස් පිල හා රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල අතර පැවැත්විණි. ඉන් කඩුලු 8ක විශිෂ්ඨ ජයග‍්‍රහණයක් වාර්ථා කිරීමට චෙන්නායි පිල සමත් විය.

කාසියේ වාසිය දිනා ගත් බැංගලෝර් පිලේ නායක විරාට් කෝලි පලමුව පන්දුවට පහර දීමට තීරණය කල අතර ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 145ක් ලබා ගැනීමට සමත් විය. එහිදී විරාට් කෝලි ලකුණු 50ක් සහ ඒබී ඩිවිලියස් ලකුණු 39ක් ලබා ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී සීම් කරන් කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

ජයග‍්‍රහණය සදහා ලකුණු 146ක ඉලක්කයක් හබායාමට පිටියට පිවිසි චෙන්නායි පිතිකරුවන් කඩුලු 2ක් පමණක් දැවී පන්දුවාර 18යි පන්දු 4කින් ලකුණු 150ක් ලබා ගනිමින් ජයග‍්‍රහණය කිරීමට සමත් විය. එහිදී විශිෂ්ඨ ඉනිමක් කී‍්‍රඩා කල ආරම්භක පිතිකරු රුතුරාජ් නොදැවී ලකුණු 65ක් ලබා ගැනීමට සමත් විය. අම්බති රයිදු 39ක් සහ ෆෆ් ඩුප් ලෙසිස් ලකුණු 25ක් රැුස්කලහ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න