News

එංගලන්ත පිලට එරෙහි ශ‍්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නම් කරයි

එංගලන්ත කණ්ඩායමේ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සදහා සහභාගි වන ශ‍්‍රී ලංකා සංචිත කී‍්‍රඩා අමාත්‍යවරයාගේ අනුමැතියෙන් අනතුරුව ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් ප‍්‍රකාශයට පත් කර ඇත. කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්නට හිමිව ඇති අතර 16 දෙනෙකුගෙන් යුත් සංචිතයට තුන් ඉරියව් කී‍්‍රඩක වනිදු හසරංගද නම් කොට ඇති අතර ඔහුගේ අභාද තත්වය හේතුවෙන් ඒ වෙනුවෙන් නම් කරනු ලබන කී‍්‍රඩාකයා පලමු ටෙස්ට් තරගයට පෙර නම් කරන බව වාර්ථා වෙයි.

ශී‍්‍ර ලංකා සංචිතය
දිමුත් කරුණාරත්න (නායක)
ඔෂධ ප‍්‍රනාන්දු
කුසල් මෙන්ඩිස්
ඇන්ජෙලෝ මැතිව්ස්
දිනේෂ් චන්දිමාල්
කුසල් පෙරේරා
ධනංජය ද සිල්වා
නිරෝෂන් දික්වැල්ල
සුරංග ලක්මාල්
ලහිරු කුමාර
විශ්ව ප‍්‍රනාන්දු
කසුන් රජිත
දිල්රුවන් පෙරේරා
ලසිත් ඇබුල්දෙණිය
ලක්ෂාන් සදකැන්
වනිදු හසරංග (අබාධයට ලක්ව ඇත)

ප්‍රතිචාරයක් ලබාදෙන්න