News

ඉසුරු උදානගෙන් වාර්ථාගත ඉනිමක්

දකුණු අප‍්‍රිකානු කණ්ඩායමට එරෙහි සිව් වන එක්දින තරගයේදී ශ‍්‍රී ලංකා වේග පන්දු යවන කී‍්‍රඩක ඉසුරු උදාන වේගවත් ලකුණු 78ක් පන්දු 57ක් තුලදී වාර්ථා කිරීමට සමත් විය. එහිදී ඔහු කසුන් රජිත හා එක්ව අවසාන කඩුල්ල සදහා ලකුණු 58කට සබදතාවක් එක් කරන්නෙ වාර්ථා පොත් අලුත් කරමිනි.

ඒ අනුව ඉසුරු උදාන හා කසුන් රජිත එක්ව අවසන් කඩුල්ල සදහා ශී‍්‍ර ලංකාව වෙනුවෙන් හොදම සබදතාවේ වාර්ථාව අලුත් කිරීමට සමත් විය. මීට පෙර මෙම වාර්ථාවට හිමිකම් කියනු ලැබුයේ සංජීව ද සිල්වා හා රසල් ආර්නල්ඩ්ය.

එසේම මෙම සබදතාවෙදී කසුන් රජිත ලකුණු නොලබා නොදැවී සිටි අතර ඉසුරු උදාන පන්දු 25ක් තුල ලකුණු 55ක් රැුසකරමින් අතිරේක ලකුණු 3ක්ද සමග ලකුණු 58ක සදබතතාවයක් ගොඩනගන ලදී. මෙය වාර්ථා පොත් අතරට එක්වන්නෙ එක් පිතිකරුවෙකු ලකුණු නොලබා සිටියදී වාර්ථා වූ තෙවන වැඩිම ලකුණු සබදතාව වශයෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න