News

ඇත්තටම මිකී ආතර් ෆේල්ද?

“මිකී ආතර් කෝච් කරන්න ආවට පස්සේ අපේ Stat අරං බැලුවොත් Proper failure” මේ භානුක රාජපක්ෂ යූටියුබ් නාලිකාවක් සමග පැවති සම්මුඛ සාකච්චාවකදී දැක් වූ අදහසක්. ඇත්තටම මිකී ආතර් ෆේල්ද?

2017 වර්ෂයේ පැවති ICC Champions Trophy  තරගාවලියේ ශූරයන් වූ පාකිස්ථාන කණ්ඩායමේ පුහුණුකරු වූ මිකී ආතර් 2019 වර්ෂයේ අගභාගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකාර ධූරයට පත්විය. ඔස්ටේ‍්‍රලියාව දකුණු අපි‍්‍රකාව සහ පාකිස්ථානය වැනි ප‍්‍රබල කණ්ඩායම් වල පුහුණුකාර ධුරය හෙබවූ මිකී 2019 වර්ෂයේ දෙසැම්බර් මස පාකිස්ථානය සමග පැවති ටෙස්ට් තරගාවලියත් සමග මෙරට පුහුණුකාර තනතුරේ කාර්ය භාර්ය භාරගත්තේය.

එතැන් පටන් පසුගියදා නමා වූ බංගලාදේශ සංචාරය දක්වා කාලය තුල ශ‍්‍රී ලංකාව ටෙස්ට් තරග 12කට එක්දින ජාත්‍යන්තර තරග 9කට සහ නිමාවු එංගලන්ත විස්සයි විස්ස තරගාවලිය දක්වා කාලය තුල විස්සයි විස්ස තරග 11කට සහභාගි වී ඇත.

ටෙස්ට් තරග 12කට කී‍්‍රඩා කර ඇති ශී‍්‍ර ලංකාව ඉන් ජයගෙන ඇත්තේ තරග 2ක් පමණයි. ඒ බංගලාදේශට හා සිම්බාබ්වේ කණ්ඩායම් වලට එරෙහිව තරග එක බැගිනි. එය ප‍්‍රථිශතයක් ලෙස 16% කි. ඊට අමතරව තරග 5ක් ජය පරාජයෙන් තොරව නිමා වී ඇති අතර 5ක් පරාජයට පත්ව ඇත. ටෙස්ට් තරගාවලි 6කින් බංගලාදේශය සහ සිම්බාබ්වේ තරගාවලි 2ක ජය ගෙන ඇති ශ‍්‍රී ලංකා කණ්ඩායම කොදෙව් තරගාවලියක් ජයපරාජයෙන් තොරව නිමා කරගැනීමට සමත් විය. එසේම තරගාවලි 3ක් පරාජයට පත්විය.

ශ‍්‍රී ලංකාව මිකී ආතර් පුහුණුකාරිත්වයට පත් වීමෙන් පසුව මුහුණු දී ඇති එක්දින ජාත්‍යන්තර තරග සංඛ්‍යව 9කි. ඉන් තරග 4ක් ජයගෙන ඇති ශී‍්‍ර ලංකාව තරග 5ක් පරාජයට පත්විය. එය තරග ජයග‍්‍රහණය කිරීමේ ප‍්‍රථිශතය 44% කි. එසේම තරගාවලි 3කින් 2ක්ම පරාජයට පත් වී ඇති අතර බංගලාදේශයට එරෙහිවද ප‍්‍රථම වරට තරගාවලි පරාජයක් ලැබීය.

එසේම මේ කාල සීමාව තුල විස්සයි විස්ස තරග 11කට මුහුණ දී ඇති ශී‍්‍ර ලංකාව ඒ තරග වලින් ජය ගෙන ඇත්තෙ එක් තරගයක් පමණයි. එය තරග ජයග‍්‍රහණය කිරීම ප‍්‍රථිශතයක් ලෙස 9% කි. තරග 9ක් පරාජයට පත්වී ඇත. මුහුණ දුන් තරගාවලි 4ම පරාජයට පත් වීමට ශී‍්‍ර ලංකාවට සිදු විය.

භානුක රාජපක්ෂ පවසන අන්දමට ඇත්තටම මිකී ආතර් ෆේල්ද

ප්‍රතිචාරයක් ලබාදෙන්න