News

අසේල ගුණරත්න සංචිතයට

සංචාරක බංගලාදේශ ඒ කණ්ඩායම හා ශී‍්‍ර ලංකා ඒ කණ්ඩායම අතර සව්දින හා එක්දින තරගාවලිය සැප්තැම්බර් 23 වනදා සිට ආරම්භ වීමට නියමිත අතර ඒ සදහා වන ශී‍්‍ර ලංකා කණ්ඩායම් අද දින ප‍්‍රකාශයට පත් කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය කටයුතු කර ඇත. මෙහිදි සිව්දින තරගාවලිය සදහා ක‍්‍රීඩකයින් 19වන දෙනෙක්ගෙන් යුතු කණ්ඩායමක්ද එක්දින තරගාවලිය සදහා ක‍්‍රීඩකයින් 17දෙනෙක්ගෙන් යුතු කණ්ඩායමක්ද නම් කර ඇත.

මෙහිදී කලකට පෙර ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය අසේල ගුණරත්න හට කැදවීමක් ලැබී ඇති අතර ඔහු අවසන් වරට ජාත්‍යන්තර තරගයකට සහභාගි වී ඇත්තේ ජනවාරි මාසයේදීය. නමුත් දේශිය තරගාවලි වලදී ඔහු දැක්වූ දස්කම් හේතුවෙන් ඔහුව ශ‍්‍රී ලංකා ඒ පිලට කැදවීමට ක‍්‍රිකට් ආයතනය කටයුතු කර ඇත.

කණ්ඩායම් ද්විත්වයේම නායකත්වය අෂාන් ප‍්‍රියන්ජන්ට හිමිව ඇති අතර ජාත්‍යන්තර අත්දැකීම් සහිත ක‍්‍රීඩකයන් කිහිපදෙනෙක්ම සංචිතයට එක්කර ඇත.

ටෙස්ට් කණ්ඩායම – අශාන් ප්‍රියන්ජන් (නායක) පැතුම් නිස්සංක, සංගීත් කුරේ , ළහිරු උදාර, කමිඳු මෙන්ඩිස්, ප්‍රියමාල් පෙරේරා, අෂේන් බණ්ඩාර, මනෝජ් සරත්චන්ද්‍ර, චරිත් අසලංක, රමේෂ් මෙන්ඩිස්, නිශාන් පීරිස්, මාලින්ද පුෂ්පකුමාර, ප්‍රභාත් ජයසූරිය, විශ්ව ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු, මොහොමඩ් ශිරාස්, ශිරාන් ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සි

එක්දින කණ්ඩායම – අශාන් ප්‍රියන්ජන් (නායක) පැතුම් නිස්සංක, සඳුන් වීරක්කොඩි, ළහිරු උදාර, කමිඳු මෙන්ඩිස්, ප්‍රියමාල් පෙරේරා, අශේන් බණ්ඩාර, රමේෂ් මෙන්ඩිස්, අමිල අපෝන්සු, ජෙෆ්රි වැන්ඩර්සි, විශ්ව ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු, ඉෂාන් ජයරත්න, ශිරාන් ප්‍රනාන්දු, ශම්මු අශාන්, අසේල ගුණරත්න

ප්‍රතිචාරයක් ලබාදෙන්න