NewsOn This Day

අසේල ගුණරත්නගේ අමතක නොවන ශතකය වාර්ථාකල පෙබරවාරි 10

කුමාර් සංගක්කාර පලමු ලෝක කුසලානය තරගය

2003 වර්ෂයේ පෙබරවාරි 10 වන දින කුමාර් සංගක්කාර පලමුවරට ලෝක කුසලාන තරගාවලියකට සහභාගි වීමේ වරම් හිමිවිය. ඒ නවසීලන්ත කණ්ඩායමට එරෙහිවයි. ඉන්පසුව 2007 2011 2015 වර්ෂ වලදී ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින්ද 2011 දී නායකත්වය දරමින්ද ලෝක කුසලානය නියෝජනය කිරීමට කුමාර සංගක්කාර සමත්විය.

සනත් ජයසූරියගේ පලමු ශතකය

2003 පෙබරවාරි 10 වන දින සනත් ජයසූරිය විසින් ලෝක කුසලාන තරගයක වාර්ථා කල පලමු ශතකය වාර්ථා කිරීමට සමත් විය. ඒ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පන්දු 125කින් ලකුණු 120ක් වාර්ථා කරමින්ය.

රසල් ආර්නල්ඩ් පලමු ලෝක කුසලාන අත්දැකීම

2003 පෙබරවාරි 10 වන දින රසල් ආර්නල්ඩ් පලමු වරට ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් ලෝක කුසලාන තරගාවලියට සහභාගි විය. පසුව 2011 දීද ලෝක කුසලානය නියෝජනය කිරීමටද හැකියිව ඔහුට ලැබුනි.

අසේල ගුණරත්නගේ පලමු ශතකය

2017 පෙබරවාරි 10 වන දින අසේල ගුණරත්න විසින් එකදින තරගවල ඔහුගේ පලමු ශතකය වාර්ථා කරීමට සමත් විය. ඔහු විසින් දකුණු අප‍්‍රිකානු කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 114 ක් ලබා ගන්නා ලදී. මෙහිදී ඔහුගේ පලමු ලකුණු 50 පන්දු 81 කින් වාර්ථා වූ අතර දෙවන ලකුණු 50 පන්දු 25කින් වාර්ථා විය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න