Did you know?FactsNews

අවිශ්ක ප‍්‍රනාන්දුගේ 19න් පහල වාර්ථාවන්

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ දකුණු අප‍්‍රිකානු සංචාරයට එක්වන 20වන වියේ පසුවන අවිශ්ක ප‍්‍රනාන්දු 2016 වර්ෂයේදී ප‍්‍රබල ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමට එරෙහිව එක්දින වරම් දිනා ගන්නා අතර ඉන්පසු ඔහු ජාත්‍යන්තර පිටියේ දක්නට නොලැබිණි.

එසේ ඔහු ජාත්‍යන්තර වරම් දිනා ගත්තෙ ශී‍්‍ර ලංකා 19න් පහල කණ්ඩායමේදී ඔහු දැක්වූ දක්ෂතා හේතුවෙනි. ඔහු යොවුන් එක්දින තරග 39කදී ඉනිම 38කට කී‍්‍රඩා කර ලකුණු 1379 ක් ලබා ගැනීමට සමත්ව ඇත්තෙ ශතක 4ක්ද සමගයි.

අවිශ්ක ප‍්‍රනාන්දුගේ 19න් පහල වාර්ථා

  • ශී‍්‍ර ලංකාව වෙනුවෙන් යොවුන් එක්දින තරග වල වැඩිම ලකුණු ලාභියා – ලකුණු 1379
  • යොවුන් එක්දින තරග වල ශී‍්‍ර ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු සාමාන්‍යයක් ඇති කී‍්‍රඩකයා -40.55
  • යොවුන් එක්දින තරග වල වැඩිම ශතකලාභී ශී‍්‍ර ලාංකිකයා – ශතක 04
  • 2016 යොවුන් ලෝක කුසලාන තරගාවලියේ ශී‍්‍ර ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා -285
  • යොවුන් එක්දින තරග වල ලකුණු 1000 සම්පූර්ණ කල දෙවන ශී‍්‍ර ලාංකිකයා (පලමු ශී‍්‍ර ලාංකිකයා භානුක රාජපක්ෂ)

ප්‍රතිචාරයක් ලබාදෙන්න