News

අක්තාර් ශ‍්‍රී ලංකා කී‍්‍රඩකයින් ගැන කලකිරීමෙන්

ශී‍්‍ර ලංකා පිලේ පාකිස්ථානු සංචාරය සදහා ශී‍්‍ර ලංකා පිලේ ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයින් සහභාගි නොවීමට තීරණය කිරීම පිළිබද පාකිස්ථානු හිටපු වේග පන්දු යවන කී‍්‍රඩක ෂොයිබ් අක්තාර් සිය කණගාටුව පල කර ඇත. ඒ ඔහුගේ නිල ට්විටර් පිටුවේ සටහනක් තබමින්ය.

එහි ඔහු සදහන් කර ඇත්තෙ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් 10 දෙනෙකු පාකිස්ථානු සංචාරයට අකමැත්ත පල කිරීම සම්බන්ධයෙන් ඔහු දැඩි කණගාටුවට පත් වන බවත් පාකිස්ථානය අතීතයේ සිට ශී‍්‍ර ලංකාවට බෙහෙවින් උපකාර කල රටක් බවත්ය. එහි වැඩිදුරටත් සදහන්ව ඇත්තෙ පාස්කු දින ප‍්‍රහාරයෙන් පසු මෙරට සංචාරය කල පලමු කණ්ඩායම පාකිස්ථානු 19න් පහල පිල බවයි. එසේම 1996 වර්ෂයේ ලෝක කුසලාන තරගාවලියේදී ඔස්ටේ‍්‍රලියාව හා කොදෙව්වන් මෙරට සංචාරය කිරීම ප‍්‍රතික්ෂේප කල පසුබිමක පාකිස්ථානය හා ඉන්දියාව මෙරටට පැමිණ සුහද තරගයකට එක් වූ බවද මතක් කර දෙයි. එසේම ඔහු අවසන් වශයෙන් සදහන් කර ඇත්තෙ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය දක්වන සහයෝගයටද ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ද සහය දැක්විය යුතු බවත්ය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න