NewsOn This Day

ලෝක කුසලානය දිනූ මාර්තු 17

ශ්‍රී ලංකාව ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම

1996 වර්ෂයේ මාර්තු 17වනදා ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ටේලියානු කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක ජයග්‍රහණයක් වාර්ථා කරමින් ලෝක කුසලානය ජයගැනීමට සමත් විය. මෙහිදී පලමුව පන්දුවට පහරදුන් ඕස්ටේලියානු කණ්ඩායම පන්දුවාර 50 තුලදී කඩුලු 7කට ලකුණු 241ක් වාර්ථා කිරීමට සමත්විය. ඒ අනුව පිලිතුරු ඉනිම ඇරඹු ශ්‍රී ලංකාව පලමු කඩුලු දෙක ඉක්මණින් දැවී ගියද අසංක ගුරුසිංහ හා අරවින්ද සිල්වා ගොඩනැගු සබදතාව ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයට අවශ්‍ය පසුබිම සකසන ලදී. අවසානයේ ශ්‍රී ලංකාව පන්දුවාර 46යි පන්දු 2 ක්තුල කඩුලු 3කට ලකුණු 245ක් රැස්කරමින් ජයග්‍රණය වාර්ථා කරන ලදී. මෙහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කල අරවින්ද සිල්වා නොදැවී ලකුණු 107ක් වාර්ථා කිරීමට සමත් විය.

ශතකයක් හා කඩුලු තුනක් එකම තරගයේදී ලබාගත් පලමු ශී‍්‍ර ලාංකිකයා

ශී‍්‍ර ලංකාව වෙනුවෙන් එක්දින ශතකයක් හා කඩුලු තුනක් එකම තරගයකදී ලබා ගත් පලමු ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයා වන්නේ අරවින්ද සිල්වායග ඔහු මෙම දක්ෂතාවය දක්වා ඇත්තේ 1996 කි‍්‍රකට් ලෝක කුසලාන අවසාන මහා තරගයේදීයග එහිදී ඔහු පලමුවෙන්ම පන්දුවාර 9ක් තුලදී ලකුණු 42කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වියග එහිදී මාර්ක් ටේලර්ල රිකී පොන්ටින් හා ඉයන් හේලි යන කී‍්‍රඩකයන් දවා ගැනීමට සමත් විය.

අනතුරුව ජයග‍්‍රහණය සදහා ලකුණු 242 හබා යන ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 23කට කඩුලු 2ක් බිද වැටී තිබු මොහොතක පිටියට පිවිසි අරවින්ද සිල්වා ලෝක කුසලාන අවසාන මහා තරගයක ශතකයක් රැුස්කල තෙවන පිතිකරු වෙමින් ලකුණු 107 නොදැවී ලබා ගනිමින් ශී‍්‍ර ලංකා කණ්ඩායම ලෝක කුසලාන ජයග‍්‍රහණයක් කරා මෙහෙයවන ලදී.

ප්‍රතිචාරයක් ලබාදෙන්න