News

KSPL තරගාවලියේ අවසන් තරගයට දින නියම වේ

මහනුවර ප‍්‍රධාන පෙලේ පාසල් 8කගේ සහභාගීත්වයෙන් දෙවන වරටත් සංවිධානය වූ තරගාවලිය පසුගිය අපේ‍්‍රල් මස 1 ආරම්භ වූ අතර තරගාවල 1,2,3 තෙදින පුරාවට මහනුවර අස්ගිරිය කී‍්‍රඩාංගනයේදී පැවැත්වීමට සැලසුම් කර තිබුනි. 

නමුත් රටතුල ඇති වූ තත්වයන් හේතුකොට ගෙන අවාසනාවන්ත ලෙස තරගාවලිය අතර මගදී කල් දැමීමට සංවිධායකයන්ට සිදුවිය. ඒ වන විටත් මූලික වටයේ තරග අවසන්ව පැවති අතර අවසන් පූර්ව වටයේ තරගයක් සහ අවසන් මහා තරගය පැවැත්වීමට ඉතිරිව පැවතුනි.

එම ඉතිරි තරග පැවැත්වීම සදහා ඔක්තෝම්බර් 15 වන දිනය යොදා ගැනීමට සංවිධායකයින් තීරණය කර ඇත. ඒ අනුව එදින පෙරවරු 9ට අස්ගිරිය කී‍්‍රඩාංගනයේදී මහනුවර ති‍්‍රත්ව විදුහල හා කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල තරගාවලියේ දෙවන අවසන් පූර්ව වටයේ තරගය පැවැත්වීමට නියමිතය. එම තරගයේ ජයග‍්‍රාහකයින් සහ මේ වන විටත් අවසන් වටය සදහා සුදුසු කම් ලබා ඇති මහනුවර ශාන්ත සිල්වෙස්තර කණ්ඩායම සමග අවසන් මහා තරගය එදින සන්ද්‍යාවේ පැවැත්වීමට නියමිතය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න