News

2019 සිට ලෝක කුසලාන වල දිගින් දිගටම අසාර්ථක ශ‍්‍රී ලංකාව

ලෝක කුසලානයන්හි අවසන් පූර්ව වටයට අවසන් වටයට ශ‍්‍රි ලංකාව පැමිණිම පුරුද්දක් කරගත් අතීතයක් ඇතත් අද වන වටි තත්වය හාත්පසින්ම වෙනස් වී ඇත.

2019 ලෝක කුසලානයෙන් පසු 2023 ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් එවකට පැවති තේරීම් කමිටුව විසින් කුසල් පෙරේරාගේ නායකත්වය යටතේ තරුණ ක‍්‍රීඩකයන් රැුසකගෙන් යුතුව තරුණ කණ්ඩායමක් සීමිත පන්දුවාර තරග සදහා ඉදිරිපත් කිරීමට කටයුතු කලේය. එහි ප‍්‍රථිඵලයක් ලෙස තිසර පෙරේරා ලහිරු තිරිමාන්න ඉසුරු උදාන වැනි ක‍්‍රීඩකයන් තම ජාත්‍යන්තර ක‍්‍රීඩා දිවියට සමුදීමට තීරණය කලේය.

ඒ අතරවාරයේ දිගින් දිගටම ලැබූ තරග පරාජයන් හමුවේ ශ‍්‍රී ලංකා කණ්ඩායමට 2024 ලෝක කුසලානයේ සෘජුව සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමිව ගිය අතර 2023 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගී වීමට සිදුවිය.

එසේම 2021 ලෝක කුසලාන තරගාවලියටද සුදුසුකම් ලබා ගැනීමේ මූලික වටයේ තරග වලට මුහුණ දීමට ශ‍්‍රී ලංකා කණ්ඩායමට සිදු වූයේ ඒ වනවිට විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් වල පසුබෑමකට ලක්ව සිටි නිසාවෙනි. එහිදී නැමීබියාට අයර්ලන්තය හා නෙදර්ලන්තය පරාජය කරමීන් මූලික වටයෙන් දෙවන වටයට සූදුසුකම් ලැබූවද එහිදී තරග 05කින් ශ‍්‍රී ලංකාවට ජය ගැනීමට හැකි වූයේ තරග 02 ක් පමණි. ඒ බංගලාදේශයට හා කොදෙව් දේශයට එරෙහිවයි. ඒ අනුව එම වටයෙන් 2021 ලෝක කුසලානයෙන් ඉවත් වීමට ශී‍්‍ර ලංකාවට සිදුවිය.

ඉන් අනතුරුව 2021 තරගාවලියෙද් දෙවන වටයට සුදුකම් ලැබූ නිසා ශ‍්‍රී ලංකාව කණ්ඩායම 2022 විස්සයි විස්ස ලෝක කුසලානයට සුදුසුකම් ලැබුවද සුපිරි 12 දෙනාගේ වටයට සෘජුව සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වූයේ 2021 විස්සයි විස්ස ලෝක කුසලානයෙන් පසු දැක්වූ දක්ෂතා ප‍්‍රමාණවත් නොවීම නිසායි. ඒ අනුව 2022 විස්සයි විස්ස ලෝක කුසලානයෙදීද මූලික වටයේ තරග සදහා ක‍්‍රීඩා කිරීමට ශී‍්‍ර ලංකාවට සිදු විය. එහිදී තරග 3කින් තරග දෙකක් ජයගෙන සුපිරි 12 වටයට සුදුසුකම් ලැබුවද මූලික වටයේ තරග වලදී නැමීබියාව හමුවේ පරාජයට පත්විය. ඉන් පසුව සුපිරි 12 වටයේදී තරග 5න් තරග 2ක් පමණක් ජයගත් ශී‍්‍ර ලංකාවට එම වටයෙන් ඉවත් වීමට සිදු විය.

අනතුරුව 2023 ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනා ගනිමින් 2024 ලෝක කුසලානයට සුදුකම් ලැබුවද එහිදී තරග 9කින් ජයගැනීමට හැකි වූයේ තරග 2ක් පමණි. එහිදී බංගලාදේශය හා ඇෆ්ගනිස්ථානය හමුවේද පරාජයට පත්වූයේ ලෝක කුසලාන ඉතිහාසයේ අමිහිරිම මතක පේ‍්‍රක්ෂකයන් තුල ඉතිරි කරමිනි. ඒසේම මෙහි ප‍්‍රසාද ලකුණු සටහනේ 9වන ස්ථානය දිනා ගැනීම නිසා ශ‍්‍රි ලංකාවට 2025 ශූරයන්ගේ කුසලානයට සුදුසුකම් ලබා ගැනීමටද නොහැකි විය.

දිගින් දිගටම පරාජයේ අමිහිරි අත්දැකීම් ලබන ශ‍්‍රී ලංකාව මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේදීද මූලික වටයේ තරගයක් ඉතිරිව තිබියදී තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත් වී සිටි.

පසුගිය වසර හතර පහක කාලයක ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වල තත්වය එසේ තිබියදී මෙරට ක‍්‍රිකට් බලධාරීන් ලෝක කුසලානයට සුදුකම් ලැබීමේ තරගාවලියේ ශුරතාව දිනා ගැනීම මෙරටදී සිම්බාබ්වේ කණ්ඩායම ඇෆ්ගනිස්ථානය බංගලාදේශය වැනි ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වල පහල සිටින කණ්ඩායම් සමග ජයග‍්‍රහණය කිරිම විශාල ජයග‍්‍රහණයක් ලෙස සැලකීම සහ අමාත්‍යවරයාගේ මාධ්‍ය හමුවේ සිදු කරන ඇතැම් ප‍්‍රකාශ පුදුම සහගතය.

ක‍්‍රීඩා අමාත්‍යවරයාට අනුව මේ වන විට ශ‍්‍රී ලංකාව සූදානම් වෙමින් සිටින්නෙ 2027 ලෝක කුසලානයටය ඒ බව එතුමන් විසින් මෑතක දී මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කර ඇත. ඒ අනුව මෙරට සම සත්කාරකත්වය දරන 2026 විස්සයි විස්ස ලෝක කුසලානයද පිලිබද අදහස අතහැර තවත් වසර 3ක් ලෝක කුසලාන ජයග‍්‍රහණයක් වෙනුවෙන් බලා සිටීමට ලාංකිකයන්ට සිදු වනු ඇති.

ප්‍රතිචාරයක් ලබාදෙන්න