News

සිංහ කැන්ගරු ලෝක කුසලාන ගැටුමේ ඉතිහාසය

ශී‍්‍ර ලංකා කණ්ඩායම හා ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම අතර මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 97ක් පවත්වා ඇති අතර ඉන් තරග 60ක් ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම ජයගෙන ඇති අතර තරග 33ක් පමණක් ශී‍්‍ර ලංකාව ජයගෙන ඇත. එම තරග අතර දෙරට අතර ලෝක කුසලාන තරගාවලි වලදී 10 වතාවක් එකිනෙකා මුනගැසී ඇත. එහිදී දෙරට අතර පලමු හමුව 1975 වර්ෂයේදී සිදු වී ඇත. දෙරට අතර පැවති තරග වලින් තරග 7ක් ජයගැනීමට ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමත්ව ඇත. 1996 වර්ෂයේදී ඔස්ටේ‍්‍රලියානු කණ්ඩාමය මූලික වටයේ තරගයකට සහභාගි වීම සදහ ශී‍්‍ර ලංකාවට පැමිණිම ප‍්‍රතික්ෂේප කිරීම නිසා එහි ජයග‍්‍රහණය ශී‍්‍ර ලංකාවට හිමිවිය. ඊට අමතරව 1996 වර්ෂයේ ලෝක කුසලාන අවසාන මහා තරගය ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමට එරෙහිව ජයගැනීමට සමත්ව ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න