News

රාජස්ථාන් පිලට කඩුලු 5ක ජයක්

ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලියෙ 26 වන තරගය රාජස්ථාන් රෝයල් කණ්ඩායම හා සන්රයිසස් හයිඩ‍්‍රාබාද් කණ්ඩායම අතර ඩුබායිහිදී පැවති අතර ඉන් කඩුලු 5කින් ජයගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් සන්රයිසස් හයිඩ‍්‍රාබාද් කණ්ඩායම ප‍්‍රථමයෙන් පන්දුවර පහර දීමට තීරණට කල අතර ඔවුන්ගේ පන්දුවාර 20 තුල කඩුලු 4ක් දැවී ලකුණු 158ක් ලබා ගැනීමට සමත් විය. එහිදී හයිඩ‍්‍රාබාද් කණ්ඩායම් නායක ඩේවිඩ් වෝනර් සහ මනිෂ් පාණ්ඩ්‍ය එක්ව දෙවන කඩුල්ල සදහා ලකුණු 73ක සබදතාවක් ගොඩනැගීමට සමත් වූ අතර ඩේවිඩ් වෝනර් ලකුණු 48කට දැවී ගියේය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මනිෂ් පාණ්ඩ්‍යා ලකුණු 54 ක් ලබා ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී රාජස්ථාන් රෝයල් කණ්ඩායම වෙනුවෙන් ජොෆ්ර ආචර් කාර්තික් ත්‍යාගි සහා උනාකට් එක් කඩුල්ල බැගින් දවාගැනීමට සමත් විය.

ජයග‍්‍රහණය සදහා ලකුණු 159ක් හබා යාමට පිටියට පැමිණි රාජස්ථාන් රෝයල් පිලේ මුල් පෙල කී‍්‍රඩකයන්ට පිටියේ ස්ථාවර වන්නට හයිඩ‍්‍රබාද් පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන් අතර ලකුණු 78 කට කඩුලු 5ක් දවා ගැනීමට ඔවුන් සමත් විය. නමුත් ඉන් අනතුරුව පිටියේ එක් වූ රියන් පරාග් හා රාහුල් ත‍්‍රිවාටියා ලකුනු 85ක නොබිදුනු සබදතාවක් ගොඩනැගීමට සමත් විය. ඒ අනුව රාජස්ථාන් රොයල් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5කදී ලකුණු 163 ක් ලබා ගත් අතර කඩුලු 5ක ජයක් රාජස්ථාන් පිලට හිමිවිය. මෙහිදී රියාන් පරාග් නොදැවී ලකුණු 42ක් හා රාහුල් ත‍්‍රිවාටියා නොදැවී ලකුණු 45ක් ලබා ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී රෂීඩ් කාන් හා කලීල් අහමඩ් කඩුලු දෙක බැගින් බිද හෙලීය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න