News

මුම්බායි ඉන්දියන්ස් පිල මාලිංගව නිදහස් කරයි

2021 ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ කී‍්‍රඩකවෙන්දේසියට පෙර වෙන්දේසියට ඉදිරිපත් නොකර තමන්ගෙ පිලේම රදවා ගන්නා කී‍්‍රඩක ලැයිස්තුව ඒ ඒ කණ්ඩායම් විසින් නිකුත් කර ඇත. ඒ අනුව මෙවර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමෙන් ලසිත් මාලිංග ඇතුලු කී‍්‍රඩයින් 7දෙනෙක් මෙවර තම කණ්ඩායමේ රදවා නොගෙන වෙන්දේසිය වෙනුවෙන් නිදහස් කොට තිබේ.

2008 වසරේ සිට මුම්බායි ඉන්දියන් පිල නියෝජනය කල ලසිත් මාලිංග IPL තරග වලදී කඩුලු 170ක් දවා ගැනීමට සමත්ව තිබෙනවා. ඒ වගේම IPL ඉතිහාසයේ වැඩිම කඩුලුලාභියා වන්නේද මොහුයි. 2018 වසරේද මුම්බායි පිල මාලිංග තොරා නොගත්තත් පසුව පන්දුයැවීමේ උපදේශක වරයෙක් ලෙස මාලිංගව කණ්ඩායමට එක් කරගත්තා. පසුව 2019 වසරේදී අවසන් මහා තරගයේ දී අවසන් පන්දුවාරයේදී ජයග‍්‍රහණය මුම්බායි පිලට ගෙන ඒමට මොහු සමත් වුනා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න