News

මුම්බායට කඩුලු 10ක විශිෂ්ඨ ජයක්

ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ 41 වන තරගය සජා හිදී මුම්බායි ඉන්දියන්ස් පිල හා චෙන්නායි සුපර් කිංග්ස් පිල අතර පැවැත්වියණි. ඉන් කඩුලු 10ක විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලබා ගැනීමට මුම්බායිි පිල සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් මුම්බායි පිලේ නායක කිරන් පොලාඩ් පලමුව පන්දු යැවීමට තීරණය කලේය. මුම්බයි පිලේ ආරාධනයෙන් පිටියට පිවිසි චෙන්නායි කී‍්‍රඩකයින් පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 114ක් ලබා ගැනීමට සමත් විය. මුම්බායි කී‍්‍රඩකයින්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි විය. ලකුණු 43ක් වන විට කඩුලු 7ක් බිද දැමීමට මුම්බායි පන්දුයවන්නන් සමත් විය. ඉනිමේ වැඩිම ලකුණු ලාබියා වූ සෑම් කරන් ලකුනු 52ක් ලබා ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී ටෙ‍්‍රන්ට් බෝල්ට් ලකුණු 18කට කඩුලු 4ක් බිද දැමීමට සමත් විය.

ජයග‍්‍රහණය සදහා ලකුණු 115ක ඉලක්කයක් හබා යාමට පිටියට පිවිසි මුම්බායි පිල පන්දු වාර 12යි පන්දු 2කින් කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 116ක් ලබා ගනිමින් කඩුලු 10ක ජයග‍්‍රහණයක් වාර්ථා කිරීමට සමත් විය. එහිදී ඉෂන් කි‍්‍රෂන් නොදැවී ලකුණු 68ක් සහ ක්වින්ටන් ඩී කොක් නොදැවී ලකුණු 46ක් ලබා ගැනීමට සමත් විය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න