News

මාස 13කට පසු කුසල් මෙන්ඩිස්ගෙන් ශතකයක්

පසුගිය කාලය යම් පසුබෑමකට ලක්ව සිටි ශ‍්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් මෙවර සිම්බාබ්වේ සංචාරයේදී ලකුණු අතරට පැමිණිමට හැකියාව ලැබිණි. මෙහිදී ඔහු විසින් පලමු තරගයේ පලමු ඉනිමේදී ලකුණු 80ක් ලබා ගැනීමට සමත් විය. එසේම දෙවන තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ දෙවන ඉනිමේදී සිය හත් වන ටෙස්ට් ශතකය වාර්ථා කරමින් නොදැවී ලකුණු 116ක් ලබා ගැනීමට කුසල් මෙන්ඩිස් සමත් විය.

කුසල් මෙන්ඩිස් මෙම ශතකය වාර්ථා කලේ මාස 13කට පසුවය. ඔහු මීට පෙර අවසන් වරට ශතකයක් වාර්ථා කලේ 2018 වර්ශයේ දෙසැම්බර් 15 වනදාය. ඒ නවසීලන්ත පිලට එරෙහිව නොදැවී ලකුණු 141ක් ලබා ගනිමිනි. ඉන් පසුව ටෙස්ට් ඉනිම් 19ක් කී‍්‍රඩා කර ඇති කුසල් මෙන්ඩිස් ශතකයක් වාර්ථා කිරීමට අපොහොසත් විය. එම කාලය තුල අර්ධ ශතක 4ක් වාර්ථා කර ඇති ඔහු දකුණු අප‍්‍රිකානු පිලට එරෙහිව නොදැවී ලකුණු 84ක් ලබා ගැනීමට සමත්ව ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න