News

බෙන් ස්ටොක්ස් ආර්චර් ශී‍්‍ර ලංකා සංචාරයේදී විවේක ගන්වයි

එංගලන්ත කි‍්‍රකට් ආයතනය විසින් කී‍්‍රඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් 2021 වර්ෂයේ ජනවාරි මස ශී‍්‍ර ලංකාවේදී පැවැත් වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සදහා  නම් කර ඇත. එහිදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ජොනි බෙස්ටෝ වසරකට පසුව නැවතත් සංචිතයට කැදවා ඇති අතර වේගපන්දු යවන කී‍්‍රඩක ජොෆ්ර ආචර් සහ තුන් ඉරියව් කී‍්‍රඩක බෙන් ස්ටෝක් මෙම තරගාවලියේදී විවේක ගන්වා ඇත.
තරගාවලියේ පලමු තරගය ජනවාරි 14 වන දින සහ දෙවන තරගය ජනවාරි 22 වන දින ගාල්ල ජාත්‍යන්තර කී‍්‍රඩා පිටියේදී පැවැත් වීමට නියමිතය.

එංගලන්ත සංචිතය
ජෝයි රූට් (නායක), මොයින් අලී, ජේම්ස් ඇන්ඩර්සන්, ජොනී බ්‍රෙස්ටෝ, ඩොම් බෙස්, ස්ටුවර්ට් බ්‍රෝඩ්, ජොස් බට්ලර්, සැක් ක්රෝලේ, සැම් කුරන්, බෙන් ෆොක්ස්, ඩෑන් ලොරන්ස්, ජැක් ලීච්, ඩොම් සිබ්ලි, ඔලි ස්ටොන්, කී‍්‍රස් වෝක්ස්, මාර්ක් වුඩ්

ප්‍රතිචාරයක් ලබාදෙන්න