News

පරාජ දෙකකට පසු ඔ්සටේ‍්‍රලියාවට ජයක්

තරග 5කින් සමන්විත ඔ්ස්ටේ‍්‍රලියා නවසීලන්ත විස්සයි විස්ස තරගාවලියේ 3වන තරගය වෙලිංටන්හිදී පැවැත්විය. තරගයේ කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත නායක කේන් විලියම්සන් පලමුවෙන් පන්දු යැවීම තෝරා ගන්නා ලදී.

ඒ අනුව පිටියට පිවිසි ඔ්ස්ටේ‍්‍රලියානු කණ්ඩායම පන්දුවාර 20 අවසන් වන විට කඩුලු 4ක් දැවී ලකුණු 208ක් ලබා ගැනීමට සමත් විය. එහිදී නායක අරෝන් ෆින්ච් 69 හා ජෝෂ් පිලිප් ලකුණු 43ක් ලබා ගත්හ. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ග්ලේන් මැක්ස්වෙල් පන්දු 31කින් ලකුණු 70ක් ලබා ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී ඉෂ් සෝදි කඩුලු දෙකක් දවා ගැනීමට සමත්විය.

ලකුණු 209ක දැවැන්ත ඉලක්කයක් හබා යාමට පිටියට පිවිසි නවසීලන්ත කී‍්‍රඩකයින් පන්දුවාර 17යි පන්දු 1කදී ලකුණු 144කට සියලුදෙනා දැවී ගියේය. එහිදී මාර්ටින් ගප්ටිල් ලකුණු 43ක් හා ඩෙවෝන් කොන්වේ ලකුණු 38ක් ලබා ගැනීමට සමත්විය. ඔ්ස්ටේ‍්‍රලියාව වෙනුවෙන් විශිෂ්ඨ පන්දුයැවීමක නිරතවූ ඇෂ්ටන් ඇගර් ඔහුගේ පන්දුවාර 4තුල ලකුණු 30කට කඩුලු 6ක් දවා ගැනීමට සමත් විය.

ඒ අනුව ඔ්ස්ටේ‍්‍රලියානු කණ්ඩායමට ලකුණු 64ක විශිෂ්ඨ ජයග‍්‍රහණයක් හිමිවිය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න