News

ජනාධිපතිවරණයේදී ලංකාවේ කි‍්‍රකට් තරුවල සහයෝගය කාටද

මෙවර ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම නියෝජනය කල කී‍්‍රඩකයන් කිහිපදෙනෙක්ම විවිධ පක්ෂ හා කණ්ඩායම් සදහා සහය දක්වන බවට විවිධ සමාජමාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරණයන් සිදුවිය. මේ නිසාම ඔවුන්ගේ මතය ප‍්‍රසිද්ධියේ පල කිරීමට ඔවුනට සිදුවිය.

ඒ අනුව හිටපු ටෙස්ට් නායක හා දගපන්දු යවන කී‍්‍රඩක රංගන හේරත් සිය නිල Twitter ගිණුමේ සටහනක් තබමින් සදහන් කර සිටියේ ඔහු කිසිදු දේශපාලන පක්ෂයකට සහයෝගයක් නොදක්වනා බවත් හි පල වූ වාර්ථාවන් අසත්‍ය බවත්ය.

ඒසේම ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර සංගක්කාරද විවිධ දේශපාලන පක්ෂයන්ට තම සහයෝගය දක්වන බවට වාර්ථා වූ අතර ඊට පිලිතුරු සපයමින් කුමාර සංගක්කාර සිය නිල Twitter ගිනුමේ සටහනක් තබමින් සදහන් කර සිටියේ ඔහු කිසිදු දේශපාලන පක්ෂයකට සහයෝගය නොදක්වන බවත් කිසිදු දේශපාලන පක්ෂයක් අනුමත නොකරන බවත්ය.

එසේම ඔහු වැඩි දුරටත් සදහන් කර ඇත්තෙ සමාජමාධ්‍යයන්ට අනුව ඔහු මේ වන විට සෑම දේශපාලන පක්ෂයකටම හා අපේක්ෂකයෙකුටම සහයෝගය දක්වන බවයි.

නමුත් හිටපු නායක හා ප‍්‍රවේගකාරී ආරම්භක පිතිකරු තිලකරත්න දිල්ශාන් සිය නිල Facebook පිටුවේ වීඩියෝවක් නිකුත් කරමින් සදහන් කර සිටියේ ඔහු මෙවර ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ අපේක්ෂක ගොඨාභය රාජපක්ෂ මහතාට සිය සහයෝගය දැක්වීමට කටයුතු කරන බවයි.

රටට නායකත්වය අවශ්‍ය මොහොතක මම ගෝඨාභය රාජපක්ෂ මැතිදුන් සමගයි

රටට නායකත්වය අවශ්‍ය මොහොතක මම ගෝඨාභය රාජපක්ෂ මැතිදුන් සමගයි

Posted by TM Dilshan on Thursday, 7 November 2019

මීට අමතරව 1996 ලෝක කුසලානය දිනු ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග වර්ථමාන රජයේ අමාත්‍ය ධූරයක්ද දරණ අතර ඔහුගෙ සහය මෙවර හිමිව ඇත්තෙ සජිත් පේ‍්‍රමදාස මහතාටය.

ඒසේම ශී‍්‍ර ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් කී‍්‍රඩක රමිත රඹුක්වැල්ලගේ සහය ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගොඨාභය රාජපක්ෂ මහතාට හිමිව ඇත. ඔහු ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත‍්‍රයාය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න