News

චමරි අතපත්තු නැවතත් වාර්ථා පොත් අලුත් කරයි

ශ‍්‍රී ලංකා විස්සයි විස්ස කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු විසින් ඔස්ටේ‍්‍රලියානු කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති පලමු විස්සයි විස්ස තරගයේදී පන්දු 66කදී ලකුණු 113ක් රැුස්කිරීමට සමත් විය. ඒ සදහා හතරේ පහරවල් 12ක් හා හයේ පහර වල් 6ක් එල්ල කරනලදී.මෙම ශතකය වාර්ථා වුයේ ඔස්ටේ‍්‍රලියානු කාන්තා පිලට එරෙහිව ලකුණු 218ක අසීරු ඉලක්කයක් හබා යන අවස්ථාවේදීය. මෙම අගනා ශතකය වාර්ථා පොත් අලුත් කිරීමට සමත් විය. එනම්

මෙම ශතකය වාර්තා පොත් අතරට එක් වූයේ
-විස්සයි විස්ස තරගයක ශී‍්‍ර ලංකා කාන්තා ක‍්‍රීඩිකාවක් විසින් වාර්ථා කල වැඩිම ලකුණු සංඛ්‍යාව
-විස්සයි විස්ස තරගයක ශතකයක් රැුස්කල පලමු ශී‍්‍ර ලාංකික ක‍්‍රීඩිකාව
-එක්දින හා විස්සයි විස්ස තරග වල ශතක වාර්ථා කල පලමු ශී‍්‍ර ලාංකික ක‍්‍රීඩිකාව
-විස්සයි විස්ස තරගයක ආසියානු ක‍්‍රීඩිකාවක් වාර්ථා කල වැඩිම ලකුණු සංඛ්‍යාව
-විස්සයි විස්ස තරගයක ශී‍්‍ර ලාංකිකයෙක් වාර්ථා කල වැඩිම ලකුණු සංඛ්‍යාව
-විස්සයි විස්ස තරගයක ශතකයක් වාර්ථා කල තෙවන ශ‍්‍රී ලාංකිකයා (මහේල ජයවර්ධන හා තිලකරත්න දිල්ෂාන්ට පසු)

ප්‍රතිචාරයක් ලබාදෙන්න