News

ගාල්ල අවසන් පූර්ව වටයට

ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියේ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට ගෝල් ග්ලෑඩියටර්ස් කණ්ඩායම සමත් විය. ඒ කැන්ඩි ටස්කස් කණ්ඩායම කඩුලු 9කින් පරාජය කරමිනි.
මෙහිදී පලමුව පන්දුවට පහර දුන් කැන්ඩි ටස්කස් කණ්ඩායම සියලු දෙනා දැවී පන්දුවාර 19යි එක් පන්දුවකින් ලකුණු 126ක් ලබා ගැනීමට සමත් වූ අතර 127ක පහසු ඉලක්කයක් ලබා ගැනීමට පිටියට පිවිසි ගෝල් ග්ලෑඩියේටස් පිල පන්දුවාර 17කින් කඩුලු එකක් පමණක් දැවී ලකුණු 130ක් ලබා ගනිමින් ජයග‍්‍රහණය ලබා ගැනීමට සමත් විය. එහිදී විශිෂ්ට ඉනිමක් කී‍්‍රඩා කල ධනුෂ්ක ගුණතිලක නොදැවී ලකුණු 94ක් ලබා ගැනීමට සමත් විය.
ඒ අනුව ප‍්‍රසාද ලකුණු ප‍්‍රසාද ලකූණු 2ක් ලබා ගැනීමට ගාල්ල පිල සමත් වූ අතර මහනුවර හා ගාල්ල ප‍්‍රසාද ලකුණු 4ක් ලබා ගත්තද දල ලකණු ලබා ගැනීමේ වේගය අනුව ගෝල් ග්ලෑඩියේටස් පිල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න