NewsOn This Day

ඉන්දීය පේ‍්‍රක්ෂකයන් ඊඩ්න්ගාඩ්න් ගිනිතැබූ මාර්තු 13

ශී‍්‍ර ලංකාව ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම

1996 වර්ෂයේ මාර්තු 13 වන දා ශී‍්‍ර ලංකාව හා ඉන්දියාව අතර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගය ඉන්දියාවේ ඊඩ්න්ගාඩ්න් කී‍්‍රඩා පිටියේදී පැවැත්විනි. එහිදී පලමුව පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකාව තම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 251ක් වාර්ථා කිරීමට සමත් විය.

පිලිතුරු ඉනිම ඇරඹු ඉන්දියාව පලමු කඩුල්ල අඩු ලකුණු සංඛ්‍යවකට දැවී ගියද දෙවන කඩුල්ල සදහා ලකුණු 90 ක සබදතාවක් ගොඩනැගීමට සන්ජේ මන්ජරිකා හා සචින් ටෙන්ඩුල්කාර් සමත් විය. නමුත් ඉන් අනතුරුව ලකුණු 22ක් තුල කඩුලු 6ක් දැවාගැනීමට ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් සමත් විය.

ඉන් කෝපයට පත් ඉන්දීය පේ‍්‍රක්ෂකයන් කී‍්‍රඩාපිටියට විවිධ දේ විසිකිරීමට හා කී‍්‍රඩා පිටියතුල කලහකාරී ලෙස හැසිරීම නිසා තරගය නවතා දැමූ අතර ජයග‍්‍රහණය ශී‍්‍ර ලංකා කණ්ඩායමට ලබා දීමට තරග තීරක විසින් තීරණය කරන ලදී. ඒ අනුව ශී‍්‍ර ලංකාව පලමු වරට ලෝක කුසලාන අවසාන මහා තරගයට සුදුකම් ලබන ලදී.

ප්‍රතිචාරයක් ලබාදෙන්න