News

ශතකයක් හා කඩුලු තුනක් එකම තරගයේදී ලබාගත් පලමු ශී‍්‍ර ලාංකිකයා

ශී‍්‍ර ලංකාව වෙනුවෙන් එක්දින ශතකයක් හා කඩුලු තුනක් එකම තරගයකදී ලබා ගත් පලමු ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයා වන්නේ අරවින්ද සිල්වාය. ඔහු මෙම දක්ෂතාවය දක්වා ඇත්තේ 1996 කි‍්‍රකට් ලෝක කුසලාන අවසාන මහා තරගයේදීය. එහිදී ඔහු පලමුවෙන්ම පන්දුවාර 9ක් තුලදී ලකුණු 42කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය. එහිදී මාර්ක් ටේලර්, රිකී පොන්ටින් හා ඉයන් හේලි යන කී‍්‍රඩකයන් දවා ගැනීමට සමත් වූ අතර රිකී පොන්ටින් හා මාර්ක් ටේලර් අතර දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 101ක සබදතාව බිද දැමීමට ඔහුට හැකිවිය.

අනතුරුව ජයග‍්‍රහණය සදහා ලකුණු 242 හබා යන ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 23කට කඩුලු 2ක් බිද වැටී තිබු මොහොතක පිටියට පිවිසි අරවින්ද සිල්වා ලෝක කුසලාන අවසාන මහා තරගයක ශතකයක් රැුස්කල තෙවන පිතිකරු වෙමින් ලකුණු 107 නොදැවී ලබා ගනිමින් ශී‍්‍ර ලංකා කණ්ඩායම ලෝක කුසලාන ජයග‍්‍රහණයක් කරා මෙහෙයවන ලදී.
ඔහුගේ මෙම කැපී පෙනෙන දස්කම් හේතුවෙන්ම ඔහුට ලෝක කුසලාන අවසන් මහා තරගයේ තරගයේ වීරයා සම්මානයද හිමිවිය

ප්‍රතිචාරයක් ලබාදෙන්න